AD HERE

ජනපති සිරිසේන රට හමුවේ තමන අමුලික බොරුව පිළිබඳව මහාචාර්ය සරත් විජේසුරිගේ හෙළිදරව්ව

මෛත්‍රිපාල සිරිසේන එවකට ජනපති මහින්ද රාජපක්ෂ සම්බන්ධව 2015 ජනවාරි 08ට කලින් කියපු කථා සියල්ලම තම ජයග්‍රහනය සඳහා ම පමණක් ගොතන ලද ප්‍රබන්ධ කථා බව මේ වන විට තහවුරු වී ඇති බව විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්ය සරත් විජේසුරිය මහතා ප්‍රකාශ කරනවා.

ඒ අයරින්ම අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධව ද ප්‍රබන්ධ කථා කියමින් රට අස්ථාවර කළ බව මහාචාර්යවරයා පෙන්වා දෙනවා. 2015 ජනවාරි 08 ට කලින් හා ඒ ආසන්න පසු කාලයේදි පස් වතාවක් ජනපති සිරිසේනගේ මුවින්ම මහින්ද රාජපක්ෂ තමන් මරන්නට තැත් කළ බව ප්‍රකාශ කළා.

ජනපතගේ ඔක්තොම්බර් 26 අලුත්ම කථාව රනිල් වික්‍රමසිංහ තමන්ව මරණ්න කුමණ්ත්‍රණය කරා යන චෝදනාවයි. එම චෝදනාව ජනතාවට නැවත නැවත පුන පුනා ප්‍රකාශ කරමින් ජනතාවගේ අනුකම්පාව ලබා ගෙන ඒ හරහා රනිල් වික්‍රමසිංහ චරිතය ඝාතනය කිරිමට සිරිසේන ජනපතිවරයා දිගින් දිගටම කටයුතු කරනු ලබයි. එසේම රනිල් වික්‍රමසිංහ දූෂණය හා වංචාවේ නිරතවු බවද ජනපති සිරිසේන පවසන බව තව දුරටත් සරත් විජේසුරිය මහතා පෙන්වා දෙයි.

මෛත්‍රි කියන විදිහට රනිල් වික්‍රමසිංහ තමන් මරන්න කුමණ්ත්‍රණය කළේ එක් වතාවක් පමණි. එහෙත් මහින්ද රාජපක්ෂ පස් වතාවක් තමන් මරණ්න උත්සහ කළ බවත්, සිය පවුලම අඩි 7ක් පොළව යටට යවන්නට උත්සහ කළ බවත් සිරිසේනම ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මීට පෙර ජාතිය අමතමින් ප්‍රකාශ කර ඇත. එසේම, රාජපක්ෂගේ දූෂණ, වංචා, කොමිස් ගැහිලි පිළිබඳව කෙළවරක් නැතිව ජාතිය අමතමින් ජනපති සිරිසේන ප්‍රසිද්ධ කර ඇත.

ඒ අනුව, මෛත්‍රි මනුෂ්‍ය ජිවිතවලට ආදරේ නම් රට වෙනුවෙන් ඇත්තටම කැක්කුමක් ඇති නායකයකු නම්, එක් වතාවක් තමන්ව මරණ්න කුමන්ත්‍රණය කරපු රනිල් වික්‍රමසිංහ අතමැති ධුරයෙන් ඉවත් කර පස් වතාවක් තමන් හා තම පවුල මැරීමට තැත් කළ මහින්ද අගමැති කිරීම තුළම ජනපති රාජපක්ෂවරුන් ආරක්ෂා කිරිමට පෙනි සිටින බව තහවුරු වන බව මහාචාර්යවරයා ඉතා හොඳින් පැහැදිළි කළේය.

ඒ අනුව, මැර කම, ජඩ කම, අශිලාචාර බව මෛත්‍රි ජනපති මැනවින් විදහා දක්වන බව සාමන්‍ය ජනතාව පවා අද වන විට පිළිගන්නේ සිරිසේන ජනපතිගේ මේ දෙබිඩි හැසිරිම නිසා බව අප ද සටහන් තමන්නේමු.
එසේම, සිරිසේන ජනපතිගේ හීන මානය හා බින්න උන්මාදය නිසා මිලියන 21ක් වු ජනතාවගේ සිතුම් පැතුම් සමග සෙල්ලම් නොකර සිංහල බෞද්ධ වෙස් මුහුණ ගලවා මහින්ද රාජපක්ෂ සමග නැවත වෘක ජිවිතයට පිවිසෙන ලෙස අපි ඔබට දැඩි පිළිකුලෙන් යුතුව අවධාරණය කරන්නෙමු.