AD HERE

සත්‍යග‍්‍රහය අද දෙවන දිනටත් ක‍්‍රියාත්මකයි-අද දිනයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක්

රටේ පවතින දේශපාලන අර්බුදයට නිසි විසදුමක් ලබා දෙන්නැයි බල කරමින් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ බුද්ධ ප‍්‍රතිමාව ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග‍්‍රහය අද දෙවන දිනටත් ක‍්‍රියාත්මක වනවා. ඒ සඳහා අද දිනයේ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද එක්වීමට නියමිත බවයි සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය කියා සිටියේ.
‘‘ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයට එරෙහිව’’ යන තේමාව යටතේ මෙම අඛණ්ඩ සත්‍යග‍්‍රහය ක‍්‍රියාත්මක වනවා. මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් ඊට එක්ව සිටිනවා.