AD HERE

බන්දුල ගුණවර්ධන මහතා තමන්ට රුපියල පාලනය කළ හැකි බව නැවතත් කියයි

දිගින් දිගටම අවප්‍රමාණය වන රුපියල ස්ථාවර කරගෙන එය ඉහළට ඔසවා තැබිය හැකි ආකාරය තමා දන්නා බව බන්දුල ගුණවර්ධන මහතා සිය හිතවතුන්ට පවසා ඇත. එහෙත් ඒ සඳහා තමාට මුදල් අමාත්‍යාංශය භාරදිය යුතු බව ඔහු ප්‍රකාශ කර ඇත.

ආර්ථික විද්‍යාව පිළිබඳව තමා වැනි විද්වතකු සිටියදී, අගමැති මහින්ද විසින් මුදල් අමාත්‍යාංශය ද තමන් යටතට ගනිමින් ආර්ථිකය පාලනයට කිසිඳු පියවරක් නොගැනීම තුළ අද අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 180.66 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද බන්දුල ගුණවර්ධනයන් පෙන්වා දී ඇත.

ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුද මුදල් අමාත්‍යාංශය බන්දුල ගුණවර්ධන මහතාට ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමට බලාපොරොත්තු වන බව වාර්තාවේ.

ජනපති සිරිසේන ද බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීම සාධාරණ බව පිළිගෙන ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.