AD HERE

දිවයිනේ බොහෝ පළාත්වලට අද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, ඌව පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් හෙට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බවයි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.