AD HERE

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා පෙරවරු 8 සිට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා පෙරවරු 8 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මේ යටතේ දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරැලැස්ගමුව ඇතුළු ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඊට අමතරව කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත – මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන හා සොයිසාපුර නිවාස සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වාර්ෂික නඩත්තු කටයුත්තක් මීට හේතු වී තිබේ.