AD HERE

පාර්ලිමේන්තු සභා ගැබේ පසුගියදා ඇතිවූ සිද්ධින් සම්බන්ධව එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු  සභා ගැබේ  පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවය නිසා   ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් විසින්   පොදු දේපළ වලට හානි කිරීම  සහ පොලිස් නිලධාරීන්ට පහර දීම  යන සිද්ධින් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එජාපයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (20) වැලිකඩ පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 

ආචාර්ය ආශුබෝද මාරසිංහ, ජේ.සී. අලවතුවල , මුජිබර් රහුමාන් සහ සන්දිත් සමරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය නීතීඥවරුන් සමඟ පැමිණ  මෙසේ පැමිණිල්ල ඉදිරිපත් කළේය.  
ඡායාරූපය ලංකාදීපයෙන්...