AD HERE

යුක්තියේ ජන හඬ ජන රැලිය මහනුවර දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව දිවයින පුරා පවත් වනු ලබන යුක්තියේ ජන හඬ ජන රැලිය අද (24) මහනුවර දී අති විශාල ජනතා සහභාගීත්වයකින් මේ වන විට පවත් වනු ලබයි.
මහනුවරට අද පැමිණි ජනගඟ හමුවේ මෛත්‍රි-මහින්ද ජුන්ටාව කන්ද උඩරටින්ද ජනතාව තමන් ප්‍රතික්ෂේප කළ බව තේරුම් ගෙන ඇත. ජනපති අද කාමරයට වී මේ ඓතිහාසික කන්ද උඩරට යුක්තියේ ජන හඬ ජන රැලිය නරඹමින් සිටින බව ජනපති මැඳුරින් වාර්තාවේ.
ජන රැලිය අමතමින් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ඉදිරි දිනකදි කොළඹ ජනපති මැඳුර වටලන්නට ජනතාව සූදානම් වන ලෙසය.
දඹර අමිල හිමියන් ජන රැලිය අමතමින් මහනුවර නගරය මුල් කරගෙන ද ඉදිරියේ දැවැන්ත සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබුණි.
ජන රැලිය ඇමතු පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කලේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ ගොඩනැගෙන ප්‍රබලතම හා දැවැන්තම ජන පවුර මේ වන විට එක්සත් ජාතික පෙරමුණ වටා ඒකරාශි වි ඇති බවත් අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත් කරමින් සදහටම මෛත්‍රි-මහින්ද දේශපාලන ගමන නවතා දමන බවයි.
දිනෙන් දින ශක්තිමත් වන ප්‍රජාතන්ත්‍රවාදි අරගලය ඉදිරියට ගෙන ගොස් නුදුරු අනාගතයේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් ඉක්මනින් පිහිටු වන බව ජන රැලිය ඇමතු රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජන රැලිය අමතමින් මෛත්‍රි-මහින්ද අනීතික ක්‍රියා පටිපාටිය මැනවින් පැහැදිළි කළා. මෛත්‍රිපාල විසින් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති මහින්ද අගමැති කළා. මේ මෛත්‍රි-මහින්ද වියරුවට අපි අකමැතියි. අපි එය ප්‍රතික්ෂේප කරන්නේ ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධි ගමනක් නිසාය. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නම් ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතුය. අපි අද මේ පුළුල් පෙරමුණ ගොඩනැගුවේ ජනතාවගේ අයිතිය ආරක්ෂා කිරිම අරමුණු කරගෙනයි. මාධ්‍යවේදීන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමේ අගය නොතේරෙන පිරිසක් වෙලා බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
 මේ වන විට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා රැලිය අමතමින් සිටි.