AD HERE

මෛත්‍රිපාල සිරිසේන ඇඩි අර්බුදයක - තම මන්ත්‍රි කණ්ඩායම එක්සත් ජාතික පෙරමුණට


ජනපතිගේ ව්‍යවස්ථා විරෝධී හැසිරීම තුළ කළ කිරුණු ශ්‍රිලනිප මන්ත්‍රින් රැසක් එක්සත් ජාතික පෙරමුණුට එකතු වීමට සුදානමින් සිටින බව මේ වන විට විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගිය සතිය තුළ ඉතා රහසිගතව සිදුකර ඇති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව, ඊයේ (18) විජිත් විජයමුණි සොයිසා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයේ වාඩි වුයේත්, ඊට කලින් පියසේන ගමගේ, පවුසි යන මන්ත්‍රිවරුන් එජාපෙ සමග එක් වුයෙත් මේ එකඟතාවය යටතේම වීම විශේෂත්වයකි.

තොරතුරු ලැබෙන ආකාරයට ඉදිරියේදී ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරුන් විශාල ප්‍රමාණයක් එජාපෙට එකතු වනු ඇති බවත්, ඒ හරහා ජනපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන බවත් වාර්තාවේ.

ඒ අනුව, මේ වන විට ජනපතිගේ ක්‍රියාකලාපය ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ම දැඩි ලෙස හෙලා දැක ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.