AD HERE

ජනපති හා ජනපති මාධ්‍ය ඒකකයේ පහත් හා රාජ්‍යතාන්ත්‍රික නොවන මාධ්‍ය භාවිතය නින්දිතයි



ඔක්තොම්බර් 26 දින හොර අගමැති මහින්ද රාජපක්ෂ දිවුරුම් දුන් අවස්ථාව සඳහා සියළුම මාධ්‍ය ආයතන කැඳවා පුළුල් ආවරණයක් හා ප්‍රචාරනයක් ලබාදුන් ජනපති සිරිසේන අද (16 දින) රටේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පස්වන වතාවටත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ඒ දුර්ලබ හා රාජ්‍යතාන්ත්‍රික අවස්ථාව ආවරණය කිරීමට කිසිදු මාධ්‍ය ආයතනයකට අවස්ථාව ලබා දී නොමැත.

මේ පිළිබඳව දෙස් විදෙස් මාධ්‍ය ආයතන බොහොමයක් සිය අප්‍රසාදය පළ කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍ය ආයතන මහින්ද රාජපක්ෂ විසින් නවතාලන තත්ත්වයක් ද වාර්තාවේ.

රනිල් වික්‍රමසිංහයන්ට කෙදිනකවත් යළි අගමැතිකම දෙන්නේ නැතැයි සිරිසේන ජනපතිවරයා ප්‍රසිද්ධියේම කිහිප වතාවක්ම ප්‍රකාශ කරන ලදී. නමුත් අද ජනපති ඉදිරියේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිවුරුම් දුන්නේය.

සිරිසේන ජනපති හරි නම් මේ වන විට ඉල්ලා අස්වී සිටිය යුතුය. ඒ ඔහුම ප්‍රකාශ කළ පරිදි රනිල් අගමැති වුවහොත් තමා පැයක්වත් ජනපතිධුරයේ නොසිටින බව කියු නිසාය.

ජනපති සිරිසේන තම අභිමානය රැකගන්නට අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙන අවස්ථාව හිතමතාම මාධ්‍ය මගින් ප්‍රචාරනය තහනම් කර ඇත. ලැජ්ජයි ජනපතිතුමනි ලැජ්ජයි. නින්දිතයි ජනපතිතුමනි නින්දිතයි....

ජනාධිපතිවරයකු ඉතා කල්පනාවෙන් රටක් කළ යුතු මොහොතක, කුහක කම් අතැර නිවැරදි ගමන් මඟ තෝරාගත යුතුය. එය රටේ සමස්ත ප්‍රජාවගේම අද දවසේ පැතුමයි...