තරගකාරී අධ්‍යාපන රටාවකට හුරුව සිටින වර්තමාන සමාජය තුළ බහුල ව සිටින්නේ මානසික ආතතිය රෝගයක් තෙක් වර්ධනය වූ දරුවන් බවත්, මේ තත්වයට මව්පියන් මෙන් ම ගුරුවරුන් ද වගකිව යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
නිදහස් අධ්‍යාපනය රජයෙන් ලබාදෙමින් සිටියදීත්, ඉගැන්වීමට දරුවන් ටියුෂන් පන්තිවලට යවන, විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන නවක දරුවන් සාදරයෙන් පිළිගන්නවා වෙනුවට නවකවදය ලබාදෙන පසුබිමක් තුළ අප රටක් වශයෙන් යහපත් නොවන තත්වයක පසුවන බව ද, මේ තත්වය වෙනස්කිරීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
දේශපාලන ඉලක්ක මත පදනම් වෙමින් දරුවන්ගේ අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට තමා කිසිසේත් කටයුතු නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.