AD HERE

වැස්සත් සමග බස්නාහිර පළාත තුල ඩෙංගු අවධානම ඉහලට.


ඩෙංගු මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය හා ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ මැදිහත් වීමෙන් බස්නාහිර පළාත තුල ඩෙංගු උවදුර ව්‍යාප්ත වීමේ අධි අවධානමක් ඇති බවට සිදු කළ සමීක්‍ෂනයක දී අණාවරනය වී ඇත.

මෙම සමීක්‍ෂණ වැඩසටහන පසුගිය දෙසැම්බර් 13 හා 14 යන දිනයන් තුල දී සිදු කර ඇත. බස්නාහිර පළාත තුල ඩෙංගු වසංගත තතවයක් ඇති වීම වැලැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන සිදුකළ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එහිදී සිදුකල සමීක්‍ෂණයෙන් බස්නාහිර පළාත තුල ස්ථාන 57,657 ක් පරික්‍ෂාවට ලක් කර ඇති අතර එයින් ස්ථාන 12,471 ක් ඩෙංගු මදුරුවන් බෝ වීමේ අධි අවධානමක් ඇති ස්ථාන බවට හදුනාගෙන ඇත. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන් තුල මදුරුවන් බෝ වීමේ අවධානම 20% කට වඩා වැඩි බව හදුනාගෙන ඇත.

කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන් තුල ඇති ආගමික ස්ථාන හා පාසල්, ඉදිකිරීම් ස්ථාන පරීක්‍ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවධානම ඉතා ඉහල බවට අණාවරනය වී ඇත.

 බස්නාහිර පාළාත තුල ජීවත්වන ජනතාවට ඩෙංගු උවදුරෙන් ආරක්‍ෂා වීම සදහා තම ප්‍රදේශයේ  මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වරයාගෙන් අදාල  තාක්‍ෂනික උපදෙස් ලබා ගත හැකි බව ජාතික ඩෙංගු මර්ධණ ඒකකය වැඩි දුරටත් දන්වා සිටී.