AD HERE

තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවේ


ඊයේ (21 දින) එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී  රැස්වු අවස්ථාවේදී තවදුරටත් එජාප නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ම කටයුතු කළ යුතු බවට ඒකමතිකව තීරණය කරන ලදී.
එසේම, නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා, උප නායක ලෙස රවී කරුණානායක මහතා තවදුරටත් කටයුතු කළ යුතු බවට ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවිය.
පක්ෂයේ අනිකුත් තනතුරු ඉතා ඉක්මණින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නම් කරනු ඇති බව සිරිකොත පක්ෂ මූලස්ථානය වැඩිදුරටත් අනාවරණය කරන ලදී.