AD HERE

රනිල්ට 117 යි විශ්වාසය තහවුරුයි - රනිල් සැමට ස්තූති කරයි



අද ප.ව. 1.00 ට පාර්ලිමේන්තුව ආරම්භ කිරිමත් සමග රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රි පිරිසකගේ විශ්වාසය හා සහයෝගය ඇති බවට යෝජනාවක් හිටපු අමාත්‍ය එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන එන ලදී.

විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, රනිල් වික්‍රමසිංහ මහතා රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස නැවතත් පත් කරන ලෙසය.

හිටපු අමාත්‍ය මංගල සමරවීම මහතා විසින් යෝජනාව අනුමත කළේය.

ඒ අනුව, වැඩි ඡන්ද 117කින් පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ විය.

විවාදය අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් විවාදයට එක්වු, ඡන්දය ලබාදුන් සැමට ස්තූති කළේය.