AD HERE

අභියෝග රැසක් තුළින් ඉදිරියටම යමු


අකුණු විදුලි සුළං සමග  මහා වර්ෂාවක් නිමාවෙමින් පවතිනවා මෙන් රට තුළ දින 50ක් පුරා පැවති දේශපාලන අස්වරත්වය ක්‍රමයෙන් වියැකි යමින් පවති. දින 50 තුළ ඇති වු දේශපාලන අස්ථාවර භාවය නිසාම ආර්ථික අතින් ඇති වු දැඩි පසුගාමි බව තවත් වසර දෙක තුනක් යන තුරු නැවත ඇති කර ගැනීම දැඩ් අභියෝගයකි. එපමණක් නොව ජාත්‍යන්තර මුල්‍ය ආයතන මෙන්ම ශ්‍රී ලංකාවට නිර්ලෝභිව උදව් කළ රටවල්, ජනපතිගේ හා ඊනියා අගමැතිගේ කූපක්‍රට ආණ්ඩු පැහැර ගැනීම නිසා තරමක් කම්පනයකට පත්ව ඇත. මේ සියල්ල  නිවැරදි කරගෙන රට නිවැරදි දිශානතියකට ගමන් කරවීමට නම් ඉතා ශක්තිමත් ආණ්ඩුවක් ඇති විය යුතුමය.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන පොදු ජනතාව, බහුජන සංවිධාන, වෘත්තීය සන්ධාන, දේශපාලන පක්ෂ එකාවන්ව දින 50ක් සිය කාලය, ශ්‍රමය, ධනය, දැනුම පමණක් නොව නිර්මාණශීලීත්වය ද  කැප කරමින් නිදි වර්ජිතව මෛත්‍රි-මහින්ද ජුන්ටාව හෙවත් ප්‍රජාතන්ත්‍ර විරෝධි ගමන නවතා ලන්නට පෙරමුණ ගත්තේය. ඒ අනුව, මේ ජයග්‍රහනය කිසියම් එක් දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක ජයග්‍රහණයක් පමණක් නොවන බව පළමුවෙන්ම සිහියට ගත යුතුව ඇත.

ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණය පරාජය කරන්නට එජපය හා එජපෙ සියළුම ක්‍රියාකාරීන් සුවිශාල කැප කිරිමක් කළ බව නොරහසකි. නමුත් හෙට දිනයේ නව ආණ්ඩුවක් පිහිට වු පසු ඒ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකාවන් ව කටයුතු කළ සියළු පාර්ශවයන්හි පොදු අභිලාසයන් හඳුනාගෙන කටයුතු කිරීම ඉතාම යුක්ති යුක්තවේ. හෙට දිනයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත දිවුරුම් දෙන්නේ ශ්‍රී ලංකාවේ පස් වතාවක් අග්‍රාමාත්‍ය ලෙස පත් වු එකම නායකයා ලෙසය.

අවස්ථා හතරක අත්දැකීම් වඩාත් හොඳින් සැළකිල්ලට ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙවර වඩ වඩාත් ජනතා වාදී පාලනයක් වෙත යොමු වේ යැයි දේශපාලන විචාරකයින් අදහස් දක්වයි. එසේම ජාත්‍යන්තර මුල්‍ය ආයතන හා රටවල් ශ්‍රී ලංකාව වෙත නැවත ප්‍රසාදය ඇති වන ආකාරයට ආණ්ඩුව මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් පවතින බව විද්වතුන්ගේ මතයයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා වඩාත් ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක් පත් කරගෙන සියළු කණ්ඩායම් ඒකරාශි කරගෙන වඩාත් නිවැරදි ගමනක් වෙත ප්‍රවිශ්ඨ විය යුතුමය.

ජනාධිපතිතුමා ද අභිනවයෙන් පිහිටු වන ආණ්ඩුවට නිදහසේ වැඩ කිරීමට ඉඩ හැරිය යුතුමය. ජනතාව ජනාධිපතිවරයා දෙස තවමත් වපර ඇහින් බැලීමේ අඩුවක් නොමැත. එය ජනතාවගේ අඩු පාඩුවක් නොව, ජනපතිම කළ නොමනා කම් ජනතාව දැකපු ආකාරය හා ඊට ජනතාව දක්වන ප්‍රතිචාරය ලෙස අර්ථදක්වා ගත යුතුය.

ජනපතිතුමාගේ සංස්කෘතිය හා රනිල් වික්‍රමසිංහ මහතාගේ සංස්කෘතිය නැවත පටලවා ගත යුතු නැත. කැබිනට් මණ්ඩලය නිරන්තරවම සිංහල හා දෙමළ භාෂාවන් ඔස්සේ පැවැත්විම තුළ සංස්කෘතික වෙනස සැහෙන දුරකට අවම කර ගත හැකිය. අනික් අතට අප ජීවත් වන්නේ ගෝලීය ආර්ථිකයක බව සියළු දෙනාම තෙරුම් ගත යුතුය.

විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවන් දින 50 තුළ අනුපමේය, අමිල සේවයක් ඉටු කළේය. ඉතාම අතලොස්සක් වු සමාජ මාධ්‍ය ජාල හසුරුවන්නන් මුදලට ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්ට ඉදිරියට එන විට, බහුතරයක් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවන් බොක්කෙන්ම සිය සමාජ මෙහෙවර ඉටු කළේය. එවැනි සමාජ මාධ්‍ය ක්‍රියාධරයන්ට ප්‍රජාතන්ත්‍රවාදය අගයන බහුතරයක් වු ජනතාව හිස නමා අචාර කළ යුතුය.

නිදහස් සමාජ මාධ්‍ය භාවිතයක නිරත වන අපි සියල්ල දෙස අවධානයෙන් බලා හිඳිමු. සියල්ලට පෙර රට යන තේමාව තුළ නව ආණ්ඩුව කටයුතු කළ යුතුමය... ජාතිවාදී ඇවිස්සීම්, ආගම්වදී උසි ගැන්වීම් පෙළක් නව රජය හමුවේ එක දිගට දිග හැරෙනු ඇත. ඒ සියල්ලට ශක්තිමත්ව අප මුහුණ දිය යුතුමය.