AD HERE

මහින්ද අමරවීර ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායම අතුරු සම්මත ගිණුමට පක්ෂයි



අද (21) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සභාගත කළ 2019 වර්ෂයේ මුල් මාස හතර සඳහා රජයේ ආධායම් වියදම් සඳහා වු අතුරු සම්මත ගිණුමට ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායම සහයෝගය දෙන බව ප්‍රකාශ කළා.

මේ මොහොත වන විට පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායම ඉතාම පිරිසක් වුවත්, හිතකර තීන්දු තීරණ වලදි ආණ්ඩුවට උදව් කරන බව ද මහින්ද අමරවීර මහතා පැහැදිළි කළා.

අතුරු සම්මත ගිණුමට සහයෝගය ලබාදීමේන් නව වසරේ රාජ්‍ය සේවකයින්ට ගැටළුවකින් තොරව වැටුප් හා අනිකුත් අවශ්‍යතා සඳහා මුදල් වෙන් වන බවටද මහින්ද අමරවීර මහතා කරන ලද ප්‍රකාශය තුළ ඊනියා අගමැති මහින්ද රාජපක්ෂගේ දින 50 තුළ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් නොකිරිමට විරුද්ධව කිසියම් ආකාරයකට ටොක්කක් ඇණපු බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.