AD HERE

පොට්ටු අම්මාන් ජීවතුන් අතර - කරුණා අම්මාන්



කරුණා අම්මාන් විසින්, පොට්ටු අම්මාන් ජීවතුන් අතර බව ප්‍රථම වතාවට පිළිගනී

කරුණා අම්මාන් කව්දැයි යන්න බොහෝ දෙනා දනී. ඔහු එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශයේ නායකයා වේ. පොට්ටු අම්මාන් යනු එල්ටීටීඊ බුද්ධි අංශයේ නායකයා වේ. ශ්‍රී ලංකා රජය පවා පොට්ටු අම්මාන් යුද්ධයේදි මිය ගිය බව වරෙක ප්‍රකාශ කරන ලදී. තවත් වරෙක අතුරුදහන් වු බවද ප්‍රකාශ කළේය. කරුණා අම්මාන් පොට්ටු අම්මාන් සමග විරසක අයෙකි. පොට්ටු අම්මාන්ට කුමක් සිදුවුයේදැයි කරුණා ද දන්නේ නැති කාරණයකි. එවැනි පසුබිමක පොට්ටු අම්මාන් ජීවත් වන බව කරුණා අම්මාන් හදිසියේම ප්‍රකාශ කළේ කෙසේද.

නිසැකයෙන්ම කරුණා අම්මාන් පොට්ටු අම්මාන් ජිවතුන් අතර සිටින බව තහවුරු කරගෙන ඇතිවාට සැකයක් නැත. කොහොමද කරුණා එය දැන ගත්තේ.

බුද්ධි අංශ දැනට අණාවරණය කරගෙන ඇති අන්දමට ඔක්තොම්බර් 26 සිදුවීම පිටුපස පොට්ටු අම්මාන් ඇත. කිසිවකුට නොදැනෙන ලෙස කළු රංජිත් නැමැති මුදල් පොලියට දෙන අයකු, සිනමාවට සම්බන්ධ නිලි රැජිනක් හා තවත් නළුවකු පොට්ටු අම්මාන් සමග එක්ව මහින්ද අගමැති කිරිමේ සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය වෙමින් පවති.

ඒ අනුව, කළු රංජිත් පොට්ටු අම්මාන් ගැන දනී. මේ සිද්ධිය නිසා කරුණා අම්මාන් පොට්ටු අම්මාන් ජිවතුන් අතර බව දැනගෙන ඇත.

මෙවැනි පසුබිමක් තුළ, රට හා පක්ෂ භේදයෙන් තොරව මෙරට දේශපාලකයින් හා මාධ්‍යවේදීන් දැඩි අනතුරකට ලක්ව ඇති බව කිව යුතුමය.

ඝෝඨාභය හා බැසිල් සමහර කොටස් නොදැන මැද්දට පැන විමල් හා ගම්මන්පිළ සමග එක්ව සියල්ල අවුල් කර ඇති බව වාර්තාවේ.

මෛත්‍රි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රකින්නේ ඇයි

ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්නට එරෙහිව චෝදනා රාශියක් තිබිය දී, ඔහු ආරක්ෂා කරමින් විදේශගත වන්නට සැලැස්වීම, සේවා දිගුවක් ලබාදීම වැනි විවිධ අනුග්‍රහ දැක්වීම ජනපති මෛත්‍රි විසින් නිර්ලජ්ජිතව ඉටු කරන බව රටට තවදුරටත් රහසක් නොවෙයි.

ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානි ආරක්ෂා කිරීමේ ජනපතිට ඇති සැබෑ අවශ්‍යතාවය මේ වන විට අනාවරණය වෙමින් පවති. ඇවන්ගාඩ් සමාගමේ කටයුතු නාවික හමුදාවට නිල වසයෙන් පැවරීමෙන් අනතුරුව විශාල මුදලක් මාසිකව නාවික හමුදාවට ලැබේ. එලෙස ලැබෙන මුදලින් විගණනය වන්නේ සුළු මුදල් ප්‍රමාණයක් පමණි. ඉතිරි මුදලින් විශාල කොටසක් ජනපති මෛත්‍රිපාල සිරිසේනට ලැබේ. තවත් සුළු මුදලක් නාවික හමුදාවේ උසස් නිල කිහිපයකට ලැබේ. අනාවරණය වන අන්දමට ජනපතිට මානසිකව ලැබෙන මුදල මිලියන 50කට අධික බව හෙළිවේ.

රවින්ද්‍ර විජේගුණරත්න අත් අඩංගුවට ගැනිමෙන් අනතුරුව, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනෑන්ඩු ජනපතිගේ උපදෙස් මත සීඅයිඩිට කතා කර නිලධාරීන්ට තර්ජනය කර ඇත. සීඅයිඩි නිලධාරින් එම තර්ජනය පටිගත කර තම ලෙජරයේ සටහනක් ද තබා ඇති බව වාර්තාවේ.

ඒ අනුව, ජනපති සිරිසේන රවින්ද්‍ර විජේගුණරත්න ආරක්ෂා කරන බව පැහැදිළිය.

මහින්ද අගමැති තනතුර අත් නොහැර දිගටම රැදී සිටින්නේ ඇයි

මහින්ද අගමැතිකම ලබා ගන්නේ විවිධ කුමන්ත්‍රණ රාශියක ප්‍රතිඵලයක් වශයෙනි. කළු රංජිත් ඇතුළු කණ්ඩායම, ඩඩ්ලි සිරිසේන සමඟ වෙන වෙනම මහින්ද කළ යුතු දේ සාකච්ඡා කර සියල්ල සැලසුම් කර ඇත.
මහින්ද රටට කිවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් රටත්, ජාතියත් බේරා ගැනීමට අගමැතිකම ලබාගත් බවය. නමුත් සිදුව ඇත්තේ කුමක්ද එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ද මහින්ද අගමැතිවිමේ කතාව පිටුපස සිටී.

අනෙක් අතට ඩඩ්ලි, මෛත්‍රිට කියන ලද ආකාරයට මෛත්‍රි ව්‍යවස්ථාවේ නැති නිතී පෙනවමින් පැරණි ව්‍යවස්ථා උපුටා දක්වමින් මහින්දට අගමැති කම දුන්නා පමණක් නොව, බහුතරය මහින්දට ලබාදෙන බවට ද පොරොන්දු වී ඇත. ඒ අනුව, මහින්ද දැන් මෛත්‍රිට අභියෝග කරමින් සිටි. කුමක්ද අභියෝගය... කොහේවත් හිටපු මම අගමැති කරලා දැන් ඉවත් වන්න කියනවා.. පුළුවන්නම් ඉවත් කරන්න. මම යන්නේ නෑ. නාමල් ඇතුළු තරුණ මන්ත්‍රිවරුන් ද මහින්දට අගමැතිකමේ සිටින්නැයි දිගින් දිගටම ඉල්ලා සිටි.
ජනපති මෛත්‍රි දැන් නිවාස අඩස්සියට පත්වීමට ආසන්නව ඇත.

මහින්ද සිරිලිය නඩු ගොනුව සුද්ද කරයි

මේ අතර, සිරිලිය නුවට අදාල ගොනුව නිතීපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය එම දෙපාර්තමේන්තුවේදීම අගමැති මහින්දගේ අතටම ලබාදෙන අයුරු සීසීටීවී මගින් සියසින් දුටු නිලධාරින් සිටී. ඒ අනුව, මහින්ද රාජපක්ෂ පාර්ශවයට අදාල නුවලට අයත් ලිපි ගොනු බොහොමයක් අස්ථාන ගතවී ඇති බව අනාවරණයවේ.