AD HERE

එජාපෙ ලංකා ඉතිහාසයේ දැවන්තම ජනබල මෙහෙයුම වන යුක්තියේ සටනට සුදානම් - රැදෙන්න අපි සියල්ල අනාවරණය කරන්නෙමු



සතරවරම් දෙවි නාමයෙන් පලයව් - අගමැති රනිල් වික්‍රමසිංහ ගාල්ලේදී කියයි යන හිසින් යුතුව දෙසැම්බර් 03 වෙනි දින ගොසිප් අපි දෙසැම්බර් 13 දින ජනපති පැන්නීමට ඉතිහාසයේ දැවැන්තම ජනබල මෙහෙයුම එජාපෙ ක්‍රියාත්මක කරන බව අපි ඔබට අනාවරණය කෙරුවෙමු.

ලෝකයේ කිසිම රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අරගලවලින් තොරව දිනාගෙන නොමැත. එය ලංකාවේ අපිට ද පොදුය. ඉතිහාසයේ දරුණුතම ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය අභියස සිටින අප, එය පරාද කිරීමේ නොතිත් ආසාවෙන් එකාවන්ව පෙළ ගැසෙමින් සිටියි. එය පරාජය කළ යුතුම.

යුක්තියේ සටනට සමගාමීව එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ජනතාව තුළ ඇති අශුභවාදී අකාල්ප  පරාජයට පත් කරමින් යථාර්ථය සමාජගත කිරීමටත්, නීතිය ප‍්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සමාජය තුළ ස්ථාපිත කිරීමටත් කටයුතු කරමින් සිටී.  විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති, ශාඛාසංවිධාන සහ බල මණ්ඩල සහ කාන්තා සංවිධාන වහාම ක‍්‍රියාත්මක වන පරිදි බළ ගැන්වීම හරහා ගම් මට්ටමින්  ජනතාව දැනුවත් කිරිමට කටයුතු මේ දිනවල කඩිනමින් සිදුවේ.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයන්, රණවිරුවන්, සිවිල් සංවිධාන, වෘත්තිකයින්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගොවීන්, විදෙස් ශ‍්‍රමිකයන් ඇතුළු සමාජය නියෝජනය කරන සියලූ ක්ෂේත‍්‍ර අතරට ඉතා පුළුල් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ සරැකීමේ පණිවුඩය රැගෙන යාමට එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පාර්ශව කටයුතු කරමින් පවති.

අද (08 දින) සිට ඉදිරියට ඇති දින 07 ඉතාමත් තීරණාත්මක බව අප අවධාරණය කරන්නේමු. ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු ම දෙනා අවධියෙන් සිටින්න දැනුවත් වෙන්න. ඔබගේ ශක්තිය අවශ්‍යම මොහොතට රට පත්ව ඇත.

මෛත්‍රිපාලට හා මහින්දට ව්‍යවස්ථාව නොතේරේ.... උන්මත්තකයින් ලෙස හැසිරේ. පිස්සන් උන්මත්තකයින් නිසි තැන්වලට යවා රට නිවැරදි මාර්ගයට ගෙනෙමු.  13 දින පාරට බහිමු. එකාවන්ව සටන් කරමු.