AD HERE

අමාත්‍යාංශ වලට අයත් විෂයයන් හා ආයතන ගැසට් කිරීමේදී මුදල් ආකර තුනකට භූතයා වැහිලා



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (28) නිකුත් කරන ලද අමාත්‍යාංශ විෂය පථ සඳහන් අංක 2103/33 දරණ අති විශේෂ ගැසට් පත්‍රය තුළ ඉතා උසස් පෙළේ ආයතන තුනක් තුනක් ඇතුලත් කර නොමැති බව වාර්තාවේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, වෝටර්ස් එජ් (Waters Edge Hotel) සහ  ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම යන ආයතනය කිසිදු අමාත්‍යාංශයක් යටතට පවරා නොමැත. 

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය යටතටත්,
ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතටත් සහ  වෝටර්ස් එජ් හෝටලය මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතටත්  ගැසට් කරයි.

නමුත් අති විශාල මුදල් ගනුදෙනු සිදුවනු ලබන මේ ආයතන තුනම ගැසට් පත්‍රයෙන් වසන් කළ හේතුව පිළිබඳව මේ වන විට ආණ්ඩු පක්ෂය දැඩි විමසිල්ලෙන් සිටී.

මෙය අතපසු වීමක් ලෙසද සැළකිය නොහැකි කාරණයකි. ඊට හේතුව පසුගිය දින 50 මහින්ද ආණ්ඩුවේ ගැසට් පත්‍රයේද පැහැදිළිවම ඉහත අමාත්‍යාංශ තුන යටතට මේ ආයතන තුන ඇතුලත් කරන ලදී.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතා වීම ද විශේෂත්වයකි.