AD HERE

දැන් රණවිරු දඩයම පටන් ගෙන. මහා කළු සිංහලයන් ලෙස පෙනී සිටින වීරවංශ, ගම්මන්පිළ සද්ද නෑ


2015 ජනවාරි 08 වෙනිදායින් පසුව පරාජිත මහින්ද රාජපක්ෂ ජුන්ටාව සමස්ත රට වැසියා නොමග යවමින් සිය බල පරාක්‍රමය නැවත ඇති කර ගැනීම සඳහා නිර්මාණය කළ අපුරු වචනය රණවිරු දඩයම ලෙස හඳුන්වා අප වගකීමෙන් ප්‍රකාශ කරන්නෙමු.

මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 08 පවත් වන ලද ජනාධිපතිවරණයේදී ජනතාවට තමන් මහරජානෝ ලෙස පෙන්වා දුන් දේශයේ එකම ගැලවුම් කරුවා ලෙස පෙනි සිටියේය. නමුත් මහින්දගේ පවුල්වාදී ඒකාධිපති ජුන්ටා පාලනය හැට දෙලක්ෂයක් ජනතාවගේ එක කතිර පහරකින් විනාශ විය. පරාජයේ විළිලැජ්ජාව මැකෙන්නටත් කලින් මහින්ද හා ගෝල බාලයින් අගමැති රනිල් වික්‍රමසිංහ රණවිරු දඩයමක නිරත වන බව දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී.

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය නැවත ඇති කරන්නට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන ගිය සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීමේ සත් ක්‍රියාව විවේචනයට ද රණවිරු දඩයම යන වචනය භාවිත කළේය.
යුද්ධය මුවාවෙන් නිල ඇඳුමට හා වරප්‍රසාදවලට මුවා වී අමානුශික ලෙස පුද්ගලයින් පැහැර ගැනීම, ඝාතනයට ලක් කිරීම, අතුරුදහන් කිරීම පමණක් නොව ත්‍රිවිධ හමුදාවම අපකීර්තියට පත් කරවන ආකාරයේ කටයුතු වල නිරත වු ඉතාම සුළු පිරිසක් වු ඊනියා රණවිරුවන් පිළිබඳව පිළිගත් ක්‍රමවේද වලට අනුව නිතීය ක්‍රියාත්මක කර, අගතියට පත් පාර්ශවයන්ට යුක්තිය ඉටු කිරිමටත්, ඒ හරහා රටේත් ජාතියේත් කීර්තිනාමය ඇති කිරිමට ගන්නා ලද සෑම ක්‍රියාමාර්ගයක්ම ඉතා දැඩි ලෙස මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ගෝල බාලයින් විවේචනය කළේය.

2010 ජනපතිවරණය කූට ආකාරයට ජයගත් මහින්ද රටම කම්පා කරවමින් යුද්ධය මෙහේය වු ජනරාල් සරත් ෆොන්සෙකා මහතා සිරගත කළේය. එය රණවිරු දඩයමක් නොව, ජාති දෝහී ක්‍රියාවක් නිසා ලෙස මහින්ද පාර්ශවය ජනගත කළේය. නමුත් යුද්ධයේ සැබෑ නියමුවා ජනපති අපේක්ෂකයා විමේ වරදට සිරගත කළ බව මුළු ලොවක් දන්නා කාරණයකි.

රණවිරු දඩයම පිළිබඳව මරලතෝණි දෙන මහින්ද ජුන්ටාවේ ප්‍රධාන පුරෝහිතයන් දෙදෙනා විමල් වීරවංශ හා ගම්මන්පිල යන නිඝන්ඨයින් දෙදෙනා බව රටම දනී.

විමල් වීරවංශට මහින්දගේ ස්පීකර් වනවා හැර වෙනත් ගැලවීමක් නොමැත. ඒ ඔහුට හා බිරිඳට එරෙහිව නඩු ගණනාවක් තිබෙන නිසාය. කාලයක් ජනතා විමුක්ති පෙරමුණට වී මහා දේශප්‍රේමියකු විය. නමුත් එටම දන්නා පරිදි විමල් වීරවංශ නරියෙකි.

ගම්මන්පිළ තම දරුවන් හා බිරිඳ ඕස්ට්‍රේලියාවේ පඳිංචි කර, දෙමාපියන් ඇමරිකාවට පිටත් කර රට ජාතිය ආගම ගැන ණයට හන පිංගුත්තරයෙකි. වචාල කටක් තිබූ පමණින් ජාතියක ඉරණම තීරණය කිරීමට ගම්මන්පිළට ඉඩ දිය යුතු නැත.

ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්න මෛත්‍රි-මහින්ද ජුන්ටා ආණ්ඩුව විසින් සිරගත කරීම රණවිරු දඩයමක් ලෙස මහින්දගේ වහලුන් හා විමල්-ගම්මන්පිළ නිඝන්ටයින් නොසිතයි. කෝ විමලේ.... කෝ ගම්මන්පිළ ආන්න මහින්ද රණවිරුවන් දඩයම් කරනවා කියලා රට්ටු කියන්නේ කිකම්ම නොවන බව සමස්ත ප්‍රජාවම තේරුම් ගත යුතුව ඇත.

වව්නතිවුහි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර ඇත. ඒ අය රණවිරුවන් නොවේද. ඉතිහාසයේ ප්‍රථම වතාවට මහා රණවිරු සැමරුම් කොටි සංවිධානය සැමරුවේ මහින්ද අගමැති යටතේය. මේ කිසිවක් ගැන ඊනියා දේශප්‍රේමීන් නිහය.

මෙවැනි ක්‍රියාවන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සිදු වුවානම් මුළු රටම ගිනි තියන්නට සමත් හනුමන්තලා වන විමල් හා ගම්මන්පිළගේ ඇස් කන් නොපෙනේ. විමල්-ගම්මන්පිළ  මහින්ද වන්දනාවේ යන හෙළුව දැන් රටට ම පෙනේ.

ගොරක දඩමස් කරන, වතුර විදුරුව ඇතුලේ කිඹුල්ලු පෙන්වන, ජනතාව ගොනාට අන්දවන, ඇත්ත නැත්ත කරන-නැත්ත ඇත්ත කරන මේ නිඝන්ඨයින් පලවා හරින තුරු රටට සෙතක් අ
ත්නොවේ.