AD HERE

අග්‍රාමාත්‍යවරයා දළඳා සමිඳු වැදපුදා ගන්නා අතර, කතානායක මැදුරේ සර්ව ආගමික නායක සමුළුව



අග්‍රාමාත්‍යවරයා ඉතාම හැඟීම් බරව කරන ලද ප්‍රකාශයක් ඊයේ (28) දින මහනුවර ඓතිහාසික දළඳා වහන්සේ ඉදිරි පිටදී ජාතිය ඉදිරියේ තබන ලදී. නිතරම බුදුදහම ගැන අවට ගියාට කථා නොකරන රනිල් වික්‍රමසිංහයන්ගේ මේ ප්‍රකාශය දෙස මල්වතු හා අස්ගිරි උභය පාර්ශවයන්හි මහා සඟරුවන ප්‍රමුඛ සමස්ත ස්වාමීන් වහන්සේලා  පමණක් ‍ අස්ගිරි උභය පාර්ශවයන්හි මහා සඟරුවන ප්‍රමුඛ සමස්ථ සිවාමීන් වහන්සේලා බෞද්ධ අබෞද්ධ සියළුම ජනතාව තරමක් උද්යෝගයෙන් බලනු ලැබුබෞද්ධ අබෞද්ධ සියළුම ජනතාව තරමක් උද්යෝගයෙන් බලනු ලැබුවා. 

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය වුයේ කුමන තත්ත්වයක් යටතේවත් පවතින ව්‍යවස්ථාවේ බුදුදහමට ලබාදී ඇති ප්‍රමුඛ ස්ථානය වෙනස් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් පවතින 9 වෙන වගන්තියේ එක අකුරක්වත් වෙනස් නොකරන්නට  එක්සත් ජාතික පක්ෂය පොරොන්දුව ඇති බවය.

අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ඉතාම කාලෝචිත ප්‍රකාශයක් ලෙස මෙය ඉතාම වැදගත්වේ. බුදුදහමට ප්‍රම්‍රකත්වය දෙන අතර අනිකුත් ආගම් අතර සහජීවනය වර්ධනය වන අයුරින් කටයුතු කිරීම ඉතා වැදගත් බව වැඩි දුරටත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

අග්‍රාමාත්‍යවරයා දළඳා සමිදු අභියස මේ ප්‍රකාශය කරන අතර තුර කතානායක නිල නිවස තුළ තවත් විශේෂ සමුළුවක් පැවැත්විණි. ඒ සර්ව ආගමික සමුළුවයි.

සර්ව ආගමික සමුළුව අමතා කථානායකවරයා ප්‍රකාශ කළේ රටට අහිත කර විධායක ජනපතිධුරයේ බලතල ඉවත් කරමින් අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරිමට සියළුම ආගමික මධ්‍යස්ථාන මුලිකත්වය ගත යුතු බවය.

එසේම, කිසිම පක්ෂයක දේශපාලන මතය සමාජ ගත කරන ආයතන ලෙස ආගමික මධ්‍යස්ථාන භාවිත නොකළ යුතු බවද ගරු කතානායක වරයා සර්ව ආගමික නායකයින්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා ඇති බව වාර්තාවේ.

කතානායක වරයාගේ ඉල්ලීම හා ක්‍රියා කලාපය තරමක් දුරදිගට සිතමින් අප විග්‍රහකරගත යුතු කාරණයකි. සැබැවින්ම කතානායකවරයාට විධායක ජනපතිධුරය ඉවත් කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් ඇති බව මෙයින් පෙනී යයි.

රනිල් වික්‍රමසිංහ මහතා ද විධායක ජනාධිපතිධුරය ඉවත් කිරිමට කටයුතු කරන බව කිහිප විටක් ම ප්‍රකාශ කරනු ලැබුවා.

ඉදිරියේදී ගොඩනැගෙන්නට යන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පදනමට විධායක ජනපතිධුරය ඉවත් කිරිම ඉතා වැදගත් වනවා.