AD HERE

මහින්ද ආරක්ෂා කිරීමේ හා විජිත් විජයමුණි ඇතුළු මන්ත්‍රිවරුන්ට විනය පියවර ගැනීමේ ශ්‍රීලනිප දෙබිඩි පිළිවෙත


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එකතු වු විජිත් විජයමුණි සොයිසා , ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රීලනිපය සුදානම් බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.
ඒ සඳහා විනය කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.
නමුත්, විජිත් විජයමුණි සොයිසා ඇතුළු ආණ්ඩු පක්ෂයේ වාඩි වු මන්ත්‍රිවරුන් කියා සිටින්නේ, ඊනියා හොර අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගැනීමට එරෙහිව ප්‍රථමයෙන් විනය පියවර ගන්නා ලෙසය.
මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබාගත්තේ විජිත් විජයමුණි සොයිසා ඇතුළු පිරිසක් ආණ්ඩු පක්ෂයේ වාඩි වීමට පෙර බැවින්, විජිත් විජයමුණි සොයිසා ඇතුළු මන්ත්‍රි කණ්ඩායමේ ඉල්ලීම සාධාරණ බව ශ්‍රීලනිපයේම තවත් පිරිසක් මහ ලේකම්වරයාට දන්වා ඇති බවද වැඩි දුරටත් වාර්තාවේ.