AD HERE

ව්‍යවස්ථා විරෝධි සිරිසේන පාලනයට විරුද්ධව අද 3.30 ට සංවිධාන රාශියක් ලිප්ටන් වටරවුමේ



අප දන්නා ලංකා ඉතිහාසය තුළ ඉතාමත් නින්දිත, තුච්ඡ, අනීතික ව්‍යවස්ථා කුමන්ත්‍රණය ජනපති සිරිසේන විසින් දියත් කර අදට දින 47කි. සති හය ඉක්මවා ඇත. 2018 වසරේ දින ගණන අනුව ප්‍රතිශතයක් ලෙස බැලුවහොත් ගතවු දින 47 වසරේ මුළු දින ගණනින් 13% ක් පමණ වේ. තවත් විදිහකට කීවොත් එම දින ගණන වසරෙන්  1/8කි. මේසා විශාල කාලයක් තුළ රට ආපස්සට යන්නේ 1/8කින් නොවේ. රට වසර කිහිපයකින් ආපස්සට ගමන් කරයි.

එය පිස්සෙකුට හෝ මන්දබුද්ධික තිරිසනෙකුට කිසිසේත් නොවැටහේ. ගුණයහපත්කමෙන් තේරුම් කර දෙන්නට ද බැරිය. ඒ අවබෝධ කරගැනීමට නොහැකි සංස්කෘතියක රටේ පාලකයා ජිවත්වීමයි.

එක් අතකින් ලොව ඉතා අපකීර්තිමත් ජාතියක් ලෙස නාමකරණය වන අතර රටක් ලෙස දරුණු ආර්ථික ව්‍යසනයක එළිපත්තට පැමිණ තිබේ. මෙතෙක් රැකගත් අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය මහ දවල් බිඳ දමමින් අත්තනෝමතික දේශපාලන කල්ලියක උවමනාව මත රට අරාජික තත්ත්වයකට පාලකයා ගෙන ගොස් ඇත.

ඉතිහාසයින්ට අනුව ගල් යුගය නිම වුයේ ක්‍රි.පූ. 1800 පමණ දීය.  රටේ අවාසනාවට පාලකයා තවමත් ක්‍රි.පූ. 1800යේ සිතුම් පැතුම් අනුව ලෝකයට විවිර වීමට දැඩි බියෙන් ජීවත්වේ. අනාගතය දකින, නව ලොව නව මානයන් දකින සංස්කෘතික ඝට්ටනයකට මැදි නොවු වර්තමානයට අනුව ගොඩනැගුණු නායකයින්ට රටේ පාලකයා දක්වන බිය, වැළඳී ඇති බින්නෝන්මාදී රෝගයෙන් පෙනේ.

විලියම් ශේෂ්පියර් කියන ලද ආකාරයට අලුත් පාලකයන් බිහිකිරීමට පෙර අලුතින් සිතන ජනතාවක් බිහිකරගත යුතුය

ඔක්තෝම්බර් 26 සිරිසේන එක්තරා දුරකට අලුතින් සිතන ජනතාවට එකතු වන්නට, අරගල කරන්නට උද්ඝෝෂණ කරන්නට, පාලකයන් පන්නා දමන්නට නව මානයක් විවර කළේය. ඒ අතින් සිරිසේන ඉතා හොඳ කටයුත්තකට මුලීකත්වය ගෙන ඇත.

නමුත් දෛවයේ සරදම වනුයේ සිරිසේනට ම සිය දේශපාලන දිවියට සමුදෙන්නට තරම් ශ්‍රී ලාංකීය ජනතාව වේගයෙන් නැගී සිටිමයි.

ජනපති සිරිසේනම තමන්ට එරෙහිව ගොඩනගාගත් ප්‍රජාතන්ත්‍රවාදය මහා ඉහළින් ගරු කරන සංවිධාන රාශියක සමාජික සමාජිකාවන් පොදු ජනතාව සමග අද දින (දෙසැම්බර් 12) සවස 3.30ට කොළඹ ලිප්ටන් වටරවුමේ දී එකාවන්ව එකතු වන්නේ සිරිසේන අහිමි කළ ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනා ගැනීම සඳහාය.

ඒ අනුව,  අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව , අලූත් පියාපත් (The New Wings), වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, යහපත් සමාජයක් වෙනුවෙන් ලේඛක ලේඛිකාවෝ, චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දිදුලන හදවත(shining Heart) ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සමනල්ලූ(,Butterflies for Democracy ) ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය පෙරමුණ , අලූත් පරපුර , ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය මෙහෙයුමමාරුතයේ හඩකාන්තාව හා මාධ්‍ය සාමුහිකය,  , රයිස් අප් ශ‍්‍රීලංකා(Rise Up Sri Lanka)  සමාජ සමානාත්මතාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු , , ශ‍්‍රී ලංකාවේ කාන්තාවෝ (Srilankan Women’s) සාධුජනරාව , සමබිම යන සංවිධාන ඇතුළුව  කලාකරුවන් සාහිත්‍යවේදීන් විද්වතුන් මෙන්ම සමාජ ක‍්‍රියාකාරීන් රැසක්  ලිප්ටන් වටරවුමට එකතු වන බව වාර්තාවේ.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම සංවිධාන හා පුරවැසියන් සමග අප ද එකතු වන්නේමු.