AD HERE

චාවකච්චේරි නූනාවිල් ප‍්‍රදේශයේදී ලංගමට ගල් ගල්මුල් ප‍්‍රහාර-පොලිස් කොස්තාපල්වරයකු තුවාල

කතරගම සිට අනුරාධපුර හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථවලට අද (2) කිසියම් පිරිසක් විසින් එල්ල කළ ගල්මුල් ප‍්‍රහාර හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව චාවකච්චේරි පොලිසිය කියයි.

යාපනය නුවර ඒ නවය මාර්ගයේ චාවකච්චේරි නූනාවිල් ප‍්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති අතර ගල්මුල් ප‍්‍රහාර හේතුවෙන් බස්රථවලට දැඩි අලාභ හානි සිදුව තිබේ.

රාජකාරි නිමාකර චාවකච්චේරි පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස තුවාල ලබා චාවකච්චේරි රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ රත්නායක නැමති චාවච්චේරි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර චාවකච්චේරි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.