AD HERE

මහින්ද රාජපක්ෂට විපක්ෂ නායකධුරය ලබාදීම සම්බන්ධව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ තරමක් නොසන්සුන් - තත්ත්වය අතිශයින් තීරණාත්මකයි


මහින්ද රාජපක්ෂට විපක්ෂ නායකකම ලබාදෙන්නට ජනපති සිරිසේනට තරම් අන් කවරෙකුටත් අවශ්‍යතාවයක් නොමැති බව තිරය පිටුපසින් වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තවමත් එජනිස බව ඇඟවීමට ජනපති නියමයෙන් මහින්ද අමරවීර විසින් ලේඛන ද අද (20) දින සකස් කර ඇති බවට තොරතුරු වාර්තාවේ.
එපමණක් නොව, ගරු කතානායකවරයාටද මහින්ද අමරවීර මහතා ලිපියක් යවමින් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස තවමත් එජනිස බව තහවුරු කර ඇත.
කූට ලේඛන සකස් කිරිමට හා එමගින් රට කරවන්නට නම් දරා ඇති මහින්ද රාජපක්ෂ බලය පිළිබඳව ඇති අසීමාන්තික අශාව තුළ තිරය පිටුපස හිඳිමින් මේ සියල්ලම මෙහෙය වනු ලබයි.
මේ සියල්ල දෙස ඉතා විමසිළිමත්ව බලා සිටින නිමල් සිරිපාල ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මහින්ද රාජපක්ෂගේ බළල් හස්තයට විරෝධය දක්වමින් පක්ෂය හැරයන මට්ටමට ගැටළුව උත්සන්නව ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ අනුව, ඉතාම නුදුරු දිනකදී ශ්‍රීලනිපය බර පතල දේශපාලන අර්බුදයකට යනු ඇතැයි තතුදත් දේශපාලන විශ්ලේෂකයින් ප්‍රකාශ කරයි.