AD HERE

අගමැති හෙට කිළිනොච්චියට, ජනපති තායිලන්තයේ නිවාඩු


උතුරු පළාතේ ප්‍ර දේශ රැසක සාමාන්‍ය ජනතාව අධික වර්ෂාව, දැඩි සුළං හා ගංවතුරින් පීඩා විඳින අවස්තාවක ජනපති හා පවුලේ අයගේ තායිලන්ත සංචාරය නවමත් නිමා වී නොමැත.

කෙසේ වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28) දින කිළිනොච්චි ප්‍රදේශයේ විශේෂ සංචාරයක නිරත වෙමින් පීඩාවට පත්වු ජනතාවට තවදුරටත් සැපයිය යුතු පහසුකම් හා සේවාවන් පිළිබඳව සොයා බැලීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු අප සමග පැවසීය.

එම ප්‍රදේශයන්හී දේශපාලකයින් හා කිළිනොච්චිය දිසාපතිතුමා ඇතුළු රජයේ උසස් නිලධාරීන් සමග ඉදිරි පියවර පිළිබඳව හමුවක් ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති බව තවදුරටත් වාර්තා කරන ලදී.