AD HERE

යුධ ජයග්‍රහනය තනිවම භුක්ති විදින මහින්ද, දින 50 ක් පුරා රටට සිදුවු ආර්ථික විනාශයේ වගකීමත් භාරගත යුතුය


පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂට තවමත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රි බව අමතකය. සිරිසේන ජනපති ව්‍යවස්ථාව හකුලා දමා මහින්ද අගමැති ලෙස පත් කිරීම පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් පිළිගත්තේ නැත. මහින්ද අගමැති ලෙස අභියාචානාධිකරණය පිළිගත්තේ නැත. එපමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම ජනතාව මහින්ද ප්‍රතික්ෂේප කර ඇත. ජාත්‍යන්තර ප්‍රජාව සුළු මොහොතකට හෝ මහින්ද අගමැති බව පිළි නොගත්තේය.

මේ සියල්ලටම හේතුව අනීතිකව අගමැති ලෙස පත්වීමයි. රටේ සාමාන්‍ය ජනතාව දන්නා තරම්වත් මහින්ද ව්‍යවස්ථාව දන්නේ නැත. ඔහු නීති විශාරදයකු බව ඇතමුන් හදුන්වයි. නමුත් මහින්දට නීතිය ගැන අල්පමාත්‍රයක අවබෝධයක් නොමැති බව දැන් පැහැදිළිය.

රණවිරුවන් සිය ජීවිතය පූජාකරමින් ලබාගත් යුධ ජයග්‍රහනය තමන්ගේ පෞද්ගලික ජයග්‍රහනයක් ලෙස හුවා දක්වන්නට මහින්ද නිතරම කටයුතු කළේය. ඒ සදහා තමන්ට පරාවළල්ලක් වූ ජෙනරල් සරත් ෆොන්සේකා සිරගත කළේය. යුද්ධය නිමා කළ නායකයා ලෙස තම පවුලේ අය යොදාගෙන රටේ දේපල මහ දවල් හොරා කෑවේය.

අදට මහින්දගේ කූටප්‍රකට කුමන්ත්‍රණය නිසා රට අරාජිකව ගත කළ  දින ගණන 50කි. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන පරිදි  ගත වු දින 50 තුළ රටට ආර්ථිකමය අතින් සිදුවු අලාභය මහින්ද යුද්ධය ජයගත්තා යැයි කියන කථාවට වඩා මහා විනාශයකි.

එදා යුද්ධය ජය ගැනීමේ සම්පූර්ණ අයිතිය මහින්ද තමාගේ ගිණුමට බැරකර ගත්තා සේ, ක්‍රමන්ත්‍රණය නිසා රටට අත් වු ආර්ථික අහේනියේ වගකීමද මහින්ද භාර ගත යුතුමය. මහින්ද එයින් ගැළ වී යාමට නොහැක.
රට අරාජික කළ, රට විනාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ ලෙස අද සිට ජනතාව මහින්ද ආමන්ත්‍රණය කරනු ඇත.

බලයට ඇති තවමත් කෑදරකම නිසා අගමැතිධුරය අතැර යාමට මහින්දට සිය ගෝලබාලයින් ඉඩ දෙන්නේ නැත. වැරදුණු කුරුමානම පිළිබව දැඩි කනස්සල්ලට මහින්ද නඩය පත්ව ඇත.

මහින්ද දින 50 ක් තිස්සේ රටට කළ හානිය යුධ ජයග්‍රහනයට වඩා වැඩි නිසා, ඉදිරි මැතිවරණයකිදී එහි ආදීනව මහින්ද ඇතුළු පිරිසට මේ රටේ ජනතාව වඩාත් හොදින් තේරුම් කර දෙනු ඇතැයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.