AD HERE

හෙට මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල පහළට


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ අවසන්වරට තෙල් මිල සංශෝධනය වුයේ  ඉකුත් ඔක්තෝම්බර් මස 10 වැනිදාය.
එම අවස්ථාවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 ක් වූ අතර අද වන විට එහි මිල ඩොලර් 57 දක්වා අඩුවී තිබේ.
ඊනියා අගමැති මහින්ද රාජපක්ෂ තෙල් මිල අඩු කළේ ඒ වන විටත් ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් මිල පහළ යමින් පැවති නිසා බව මංගල සමරවීර මහතා ජන හ වේදිකාවේ පවා ප්‍රකාශ කළා.
අද (20) දින මංගල සමරවීර අමාත්‍යතුමා ප්‍රකාශ කළේ ඉන්ධන මිල සූත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව එම වාසිය ජනතාවට ලබාදෙන බවත්ය.
කෙසේ වුවත් මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉන්ධන මිල හෙට (21) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමෙනු ඇත.
ඒ අනුව පෙට්රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5ත් 10ත් අතර මිලකින් අඩුවනු ඇතැයිද වාර්තා වන අතර, එම අඩුවීම ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදුවන්නනක් බවද වැඩි දුරටත් වාර්තාවේ.