AD HERE

දහම් සිරිසේනට ග්ලාස් හවුස් ආසන්නයෙන් අලුත් ම නිවසක් තෑගී කිරිමට චීනය කටයුතු කරයි


ව්‍යපාරික ධම්මික පෙරේරාගේ නිවසට යාබද ග්ලාස් හවුස් ආසන්නයේ ජනපති පුත් දහම් සිරිසේනට නව නිවසක් ඉඳිවන බව අප ඔබට වගකීමෙන් අනාවරණය කරන්නෙමු.

එම ප්‍රදේශයේ පවතින ඉඩම් මිල අනුව පර්චසයක් කෝටි එක හමාරද ඉක්මවන තත්ත්වයකදී කිසිඳු රැකියාවක් නොකරන දහම් සිරිසේන තම පියාගේ ජනපති වැටුපෙන් පර්චස් 23.4 ක් මිලදී ගන්නේ කෙසේද? තොරතුරු ලැබෙන පරිදි අති නවීන පහසුකම් වලින් සමන්විත නිවස ඉදිකිරිම මේ වන විට ආරම්භ කර ඇති අතර, සමස්ථ ඇස්තමේන්තුව රුපියල් මිලියන 400කි.

ජනපති මෛත්‍රි විසින් මහින්ද රාජපක්ෂට අගමැතිකම ලබා දීමට දක්වන අනුග්‍රහයක් ලෙස චීන සමාගමක් විසින් දහම්ගේ නිවස ඉදිකිරීමට සියළු පිරිවැය දැරිමට ඉදිරිපත්ව ඇත.

මහින්ද අගමැති ලෙස සති දෙකක් යන්නට මත්තෙන් කොළඹ වරායේ ජයබහාලු පර්යන්තයේ කොන්ත්‍රාත් දෙකක් චීන සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත. ඉදිරියේදී චිනයට ලබාදෙන්නට නියමිත කොන්ත්‍රාත් සඳහා ජනපතිගේ එකඟතාවය ලබා ගැනීම අරමුණු කරගෙන දහම්ට නිවසක් තෑගි කිරිමට රාජපක්ෂ කටයුතු කර ඇත.

අවධානයෙන් රැදෙන්න ජනපතිගේ දියණිය හා බෑනගේ සෙල්ලම් අපි නොබියව අනාවරණය කරන්නේමු.