AD HERE

ඊනියා අගමැති මහින්දට දින 50කින් වත් ගෙන එන්නට නොහැකි වු අතුරු සම්මත ගිණුම රනිල් එක් දිනකින් ගෙන එයි


ඊනියා අගමැති මහින්ද රාජපක්ෂ  මහතා දින 50ක් අගමැතිධුරය දරමින් විවිධ දේශපාලන උප්පරවැට්ටි පිළිබඳව කල්පනා කරමින් සිටියා මිසක 2019 වර්ෂය සඳහා මුදල් වෙන් කිරීමට අය වැයක් තියා, අතරු සම්මත ගිණුමක් හෝ ගෙන එන්නට නොහැකි වීම තුළ ගැටලු රාශියකට රට මුහුණ දෙන ලද බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සිය අමාත්‍ය මණ්ඩලය පත් කරගෙන දිනක් ඇතුලත අතුරු සම්මත ගිණුමක් සිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වන මංගල සමරවීර මහතා ලවා සකස් කර එය හෙට (21 දින) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම් වේ.
එට ගැන හිතන ඉදිරි වැඩපිළිවෙලක් සහිතව නව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය වැඩ භාරගෙන ඇති බව හෙට දිනයේම අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පෙනි යන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙයි
කෙසේ වුවත්, මෙම අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කෙරෙන්නේ 2019 වර්ෂයේ පළමු මාස හතර සඳහා පමණි.
ඒ අනුව, ලබන වසරේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වැය කිරීමට යෝජනා කර තිබේ.
ඉන් රුපියල් බිලියන 970ක් වෙන් වන්නේ, ණය පොළී සහ වාරික ගෙවීම සඳහායි.
නවතා දමා තිබූ සියලු සංවර්ධන සහ සුබ සාධන ව්‍යාපෘති යළි ඇරඹීමට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ඒ අනුව, හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම සම්මත වු පසුව, 2019 වර්ෂය සඳහා රාජ්‍ය අංශයට හා සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් 2019 ජනවාරි පළමු දින සිටම ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශය වැඩි දුරටත් අවධාරණය කළේය.