AD HERE

අමාත්‍යාංශ විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ඊයේ රාත්‍රි ගැසට් කරලා



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) වැනි ව්‍යවස්ථාවට හා 46(1)(අ) ව්‍යවස්ථාවට අනුකූලව, ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (28) රාත්‍රි නිකුත් කර ඇත.

එම ගැසට් පත්‍රය මගින්, අමාත්‍ය මණ්ඩලයෙහි අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ සංඛ්‍යාවද එකී අමාත්‍යවරයන්ට විෂයයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන පැවරීමද නිශ්චය කරනු ලැබ ඇති හෙයින් ද, විවිධ අමාත්‍යවරයන් භාරයේ පැවතිය යුතු විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන 2018.12.28 දිනයේ සිට බල පැවැත්වෙන ලෙස ගැසට් කර ඇත.

ඒ අනුව, බොහෝ අමාත්‍යවරුන් විසින් මැසිවිලි නගමින් සිටි තවත් ගැටළුවක් විසඳි ඇති බැවින් 2019 ජනවාරි 01 දින සිට ගැටළුවකින් තොරව සියළු අමාත්‍යාංශයන්හි වැඩ කටයුතු ආරම්භ කළ හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.