AD HERE

17 දින කොළඹ වටලන බව දැනගෙන සිරිසේන නොසන්සුන්



සිරිසේන ජනපතිවරයා ජනපති නිලමැදුරේ සිටීමට පවා ප්‍රිය නොකරන ආකාරයේ දැඩ් පීඩනයකට ලක්ව ඇතැයි වාර්තාවේ. 13 දින ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන් විසින් පැවැත්වීමට නියමිතව තිබු යුක්තියේ සටන උද්ඝෝෂණය 17 දිනට කල් ගත වීම තුළ ජනපති තරමක් නොසුන් වී ඇති බව නිල මැඳුරෙන්ම වාර්තාවේ.

ජනපති කාර්යාලය වටලා නොනවතින උද්ඝෝෂණයකට රටම සූදානම් බව බුද්ධි අංශ මේ වන විටත් ජනපතිට වාර්තා කර ඇත. සිරිසේනගේ දැඩි නොසන්සුන් තාවයට හේතුව එයයි.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ(10) දහවල් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා යළි යළිත් සිය නොසුන්බව පෙන්නුම් කළේය. ජනපති සිරිසේන ශ්‍රීලනිපයේද තනි පුද්ගල චරිතය පවට පත්ව ඇත. ඒ අනුව, ශ්‍රීලනිපය ද දැඩ් ඒකාධිපති ස්වරයකින් මෛත්‍රි පාලනයට යටත් කරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාව තව දින 7 කින් ස්ථිර ලෙස අවසන් කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා අදට දින 7 ක් ගත වී තිබේ.

ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ කළ පරිදි ඔහු ඇත්ත කථා කළා නම් අද (11) දිනය තුළ අර්බුදය විසඳිය යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කඩිනමින් ලබා දෙන ලෙස අද (11) දිනයේ නීතිපතිවරයා මගින් අගවිනිසුරු නලින් පෙරේරා මහතාගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අන්කිසිවක් නිසා නොව ජනපති ශ්‍රීලනිප සම්මේලනයේ දී කරන ලද ප්‍රකාශය අනුව තීන්දුවක් ගැනීමට බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.

පවතින අර්බුදය විසඳා ගැනීමට නම් නියත ලෙසම ඔක්තොම්බර් 26ට පෙර පැවති තත්ත්වයට සිරිසේන ජනපතිවරයාට ගමන් කිරිමට සිදුවේ. එනම් නැවත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතුම වේ. බුද්ධි අංශ, දේශපාලන විචාරකයින්, ව්‍යවස්ථා විශ්ලේෂකයින්, ආණ්ඩුක්‍රම විශාරදයින් ආදී සියළුම පාර්ශව පෙන්වා දෙන්නේද රනිල් වික්‍රමසිංහ නැවත අග්‍රාමාත්‍යවරයා කර පවතින අර්බුදය සමනය කරගෙන ඉදිරි දේශපානල විසඳුම් සෙවීම වඩාත් ප්‍රායෝගික බවය.

කෙසේ වුවත් බහුජන සංවිධාන, වෘත්තීය සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගොඩනැගුණු පුළුල් ජනතා පෙරමුණ ඊයේ දිනයේදී (10) ප්‍රකාශ කලේ ජනපති සිරිසේනගේ දින 07 හෙටින් (11 දින) අවසන් වන අතර, අද (11 දින) සිට දින හතක් ජනපතිට අර්බුදය විසඳිමට කාලය දෙන බවත්, ඒ අනුව 17 දිනට පෙර ජනපති ස්ථිර විසඳුමක් ලබා නොදුනහොත් 17 දින සිට යුක්තියේ සටන උද්ඝෝෂණය  ජනපති පන්නා දමන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මෑතකදී ප්‍රංශයේ පැවති මහ ජන අරගලයට නොදෙවෙනි උද්ඝෝෂණයක් 17 දින ආරම්භ කිරිමට සියළුම කටයුතු සුදානම් බව බහුජන සංවිධාන ප්‍රකාශ කරයි.