AD HERE

මෛත්‍රි පස්මහා බැලුම් බලයි - තමන් නිකුත් කළ අති විශේෂ ගැසට්ටුව අවලංගු කරන ලකුණු



පල්ලේවත්ත ගමරාළ දෙසැම්බර් 07 දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව මේ වන විට අවබෝධ කරගෙන ඇත. එය තමන් දේශපාලනික ලෙස ලබන විශාල පරාජයක් වනවා පමණක් නොව සිය බලපරාක්‍රමය පතුරුවන ඉදිරි පියවරයන්ටද දැඩි බාදාවක් බව තේරුම් ගෙන ඇති බව වාර්තාවේ.

ඒ අනුව, අද (01) සිය පුරෝහිතයන් කැඳවා තමන් කුමක් කළ යුත්තේ කමක්දැයි ප්‍රශ්න කර ඇත. ඒ අනුව, ශිරාල් ලක්තිලක හා මෛත්‍රි ගණරත්නගේ උපදේශය වී ඇත්තේ  නොවැම්බර් 09 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නියෝග කරන ලද 2096/70 අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කිරිම වඩාත් උචිත බවය.

සිරිසේන ජනපති සිය උපදේශකයන්ගේ මතයට ගරු කරමින් ලබන 2096/70 අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් තවත් ගැසට් පත්‍රයක් නිකුත් කරිමට නියමිත පව වාර්තාවේ.

ඒ අනුව. නැවත වරක් ජනතාව රැවටිමට හා තමන් ද ප්‍රජාතන්ත්‍රවාදි යැයි පෙන්වීමට මෛත්‍රි සුදානම් වන බව පෙනේ.

නමුත් මෛත්‍රිගේ ඊළඟ ක්‍රියාමාර්ගය කුමක්වේදැයි තවමත් මෛත්‍රි ද නොදන්නේය.