AD HERE

කුරුණෑගල දිස්‌ත්‍රික් එජාප මන්ත්‍රී අශෝක අබේසිංහ මහතාගේ නිවසට පොහොට්ටුවෙන් මැර ප්‍රහාරයක් (ඡායාරූප සහිතයි)

කුරුණෑගල දිස්‌ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාගේ නිවසට අද රාත්‍රියේ මැර ප්‍රහාරයක් එල්ලව තිබේ. රාත්‍රී 9.15ට පමණ මෙලෙස මන්ත්‍රීවරයාගේ කුරුණෑගල පිහිටි නිවසට අදාල ප්‍රහාරය එල්ලව තිබේ.

කුරුණෑගල නගරාධිපති පොහොට්ටු පක්ෂයේ තුෂාර සංජිව හා නාගරික මන්ත්‍රීවරුන් වන කුමාරදාස හා රණසිංහ යන අය සම්බන්ද වී ඇති මෙම පහරදීම සදහා තවත් 30ක පමණ පොහොට්ටු පක්ෂයට සම්බන්ද මැර කණ්ඩායමක් සහභාගිව තිබේ.

නිවාස ඉදිරිපිට දේපල හානි කිරීම් සිදු කර ඇති අදාල මැර පිරිස අසභ්‍ය වචනයෙන් කෑගසමින් නිවැසියන්ට තර්ජනය කර තිබේ. අදාල සිදුවීම වන අවස්ථාවේ අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා නිවෙසේ නොසිට ඇති අතර පවුලේ අනෙකුත් සාමාජිකයන් නිවසේ රැදී සිට තිබේ. ඒ අතර මන්ත්‍රීවරයාගේ බිරිද වන කුරුණෑගල නාගරික මන්ත්‍රී විශාකා අබේසිංහ මහත්මියද සිට තිබේ.