AD HERE

රනිල්ගෙන් මෛත්‍රිට අපුරු පිළිතුරක් - සංස්කෘතික



පක්ෂ දේශපාලනය තුළ සම්මේලනයක් පවත් වන විට පක්ෂයේ ආදීකතෘන් ගැන, ඔවුන්ගේ දර්ශනය මෙන්ම  දැක්ම පිළිබඳව සාකච්ඡා කිරිම සාමාන්‍ය තත්ත්වය වුවද පසුගිය දා පැවති ශ්‍රීලනිප සම්මේලනය කැඳවා තිබුනේ රනිල් වික්‍රමසිංහ ගැන කථා කරන්නට වීම විශේෂත්වක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාම පෙන්වා දෙයි.

ඊයේ (05 දින) ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

මේ කථා කරන්නේ තාච්චිය යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා එහිදි සිය අදහස් දැක්වීම ආරම්භ කළේය. අපි ඔක්කොම එකතුවෙලා ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය තුරන් කිරීම, සංවර්ධනය, සාමය හා සංහිඳියාවනමුත් අපිට ලැබුනේ මොකක්ද අස්ථාවර රටක්.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ  සම්මේලනය කඳවලා ජනධිපති මොනවද කථා කළේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ගැන නෙමෙයි රනිල් වික්‍රමසිංහ ගැනයි. මම දේශපාලන කරුමයක් කිව්වා. මට අවලාද නැගුවා. මට චෝදනා කළා. මට නිග්‍රහ කළා. මට අපහාස කළා. මට දොස් කිව්වා. මට බැන්නා. ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් සංයුක්ත නිකායේ අක්කෝස සුත්‍රයේ ගාථාවකින් ජනපති සිරිසේනට පිළිතුර දීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම සියළු විද්වතුන්ගේ ඇගයීමට ලක්විය.

මම මගේ සංස්කෘතිය අනුව පිළිතුරක් දෙනවා. කියමින් අක්කෝස සුත්‍රය මෙසේ පැහැදිළි කළේය. බුදුන් වහන්සේ රජගහ නුවර වෙසෙන සමයේදී අක්කෝස භාරද්වාජ බමුණා ගිහින් උන්වහන්සේ මුණ ගැසුණා. අක්කෝස භාරද්වාජ බමුණා බුදුන් රජාණන් වහන්සේට බැන්නා, නිග්‍රහ කළා, අපහාස කළා, අවලාද නැගුවා, දොස් කිව්වා. ඒ සියල්ලට සවන් දුන් බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා.

බමුණ, ඔබට මිතුරන්, නෑදයන්, දන්න පිරිස් හිතවන් ඉන්නවද ? ඔව් මට ඉන්නවා යැයි බමුණා පිළිතුරු දුන්නා. ඔවුන් ඔබේ නිවසට පැමිණෙනවාද ? ඔව් පැමිණෙනවා යැයි බමුණා කියා සිටියා. ඔබ ඔවුන්ට ආහාර දෙනවාද ? සංග්‍රහ කරනව ද ? ඔව් මම ඔවුන්ට සංග්‍රහ කරනවා. කවුරුන් හෝ එම ආහාර අනුභව කරන්නේ නැතිනම්, සංග්‍රහ පිළිගන්නේ නැතිනම් ඒවා කාට ද අයිති වන්නේ ? ඒවා අයිති වන්නේ මට යැයි බමුණා පිළිතුරු දුන්නා.


ඒ අනුව ඔබගේ බැණ වැදීම්, අවලාද අපහාස හා නිග්‍රහ මා පිළිගන්නේ නැතැයි බුදුන් වහන්සේ එහිදි කියා සිටියා.


ජනපති මට අවලාද නැගුවා. මම අවලාද නැගුවේ නැහැ. මට දොස් කිව්වා. මං දොස් කිව්වේ නැහැ. මට නිග්‍රහ කළා. මං නිග්‍රහ කළේ නැහැ. මට නින්දා කළා. මම නින්දා කළේ. මට කරපු සියල්ල බමුණ ඔබට බාරයි”.
යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ විනයවත් සංස්කෘතියේ හිඳිමින් ජනපති මෛත්‍රිට ඉතා උපහාසාත්මක පිළිතුරක් ලබාදුනි.