AD HERE

පල්ලේවත්ත ගමරාළ රනිල්ට අගමැතිකම නොදීමට හේතූ වහාම රටට හෙළි කරනු - නැති අප දන්නා හේතූ හෙළි කිරිමට සිදුවේ


ජනපති සිරිසේන වෙත.....

පල්ලේවත්ත ගමරාළ වන ඔබ රටේ ජනපති කිරිමට පෙරමුණ ගන්නා ලද්දේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ බව ඔබ ම හොඳින් දන්නා කරුණකි. මහින්ද රෙජිමය ඔබ ඇතුළු පවුලේ සියළුම දෙනා අඩි හතක් පොළව යටට යවන්න පස් වතාවක්ම වෑයම් කළ බව කීවේ ඔබමය.

මහින්ද රාජපක්ෂ මෙරට සිටින අන්ත දූෂීතම පාලකයා මෙන්ම ජාතීවාදය අවුස්සන බියගුළු නායකයකු බව කීවේ ඔබමය. එබස් අසා හැට දෙලක්ෂයක ඡන්දයෙන් අප සැවොම එක්ව ඒ දුර්ධාන්ත පාලනය හමාර කර ඔබට බලය දුන්නේය.

ඔබ මහින්ද ඇතුළු හොර නඩය රැක්කේය. අපිටත් රනිල් වික්‍රමසිංහ හොරු රකින්නේය යන සාධාරණ සැකය යම්කිසි දුරකට තිබුණි. එ ඔබම රනිල් ගැන කරන ලද ප්‍රකාශ නිසාය. ඒ නොවන්නට අපිට රනිල් හොඳටම විශ්වාසය.

දැන් මෙපමණතාක් කල් හොරු රැක්කේ ඔබ ම බව සිරිසේන මහත්තයෝ අපිට පමණක් නොව කිරි බොන ළමුන්ටද පහැහැදිළිය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නට ඔබට බලය නැති බව දැන් පැහැදිළිය. පාර්ලිමේන්තු බහුතරය රනිල් වික්‍රමසිංහට ඇත. එජාපය එක හෙළාම රනිල් අගමැති කරන ලෙස ඔබට කිහිප විටක් ම දන්නවා ඇත. ඔබට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ද බලයක් නැත.
ඔබට ඇති එකම බලය ඔබ ම ඉල්ලා අස්වීම පමණකි.

කරුණාකර පෞද්ලික කොන්තර කෙනහිළිකම් පසෙකලා රනිල් වික්‍රමසිංහට අගමැති තනතුර භාරදී රට ස්ථාවර කරන්න. එසේ කිරිමට ඔබ අපොහොසත් වුවහොත් රනිල්ට අගමැති කම නොදෙන්නට ඔබ තුළ ඇති පරාදීන නින්දිත තුච්ඡ අමන පෞර්ශීය ලක්ෂණ ඔබේ පෞද්ගලිකත්වය පසකලා අප රටට හෙළි කරන්නේමු. මෙපමණ කලක් එසේ හෙළි නොකළේ ඔබගේ පෞද්ගලිකත්වය රටට වැඩක් නැති නිසාය.

ලොව කනෙන් අල්ලා එළියට දමන ලද ජනපති යන නාමය මෛත්‍රි ඉදිරියෙන් සටහන් නොකරගෙන වහාම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු.

මෙය ජනපති දකින තුරු ශේයාර් කරන්න.