AD HERE

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනාය පිහිටුවිමේ යෝජනාවට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එකඟවේ



පුළුල් දේශපාලන පෙරමුණක් බිහි කිරිමේ අරමුණින් පිහිටු වීමට නියමිත ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනායට එකතුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (21 දින) අනුමැතිය ලබාදුන්නේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අවස්ථාවේ එම අනුමැතිය ලබා දී ඇත.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වසින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවීම සඳහා යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළේය. ඒ අනුව,  ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් එක්වු සියලු දේශපාලන පක්ෂ එකතු වන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ඉතා කඩිනමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනාය ජනගත කළ යුතු බැවින්, එහි ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් මේ මස 27 වැනි දින පැවැත්වෙන බවද වැඩිදුරටත් අනාවරණය කරන ලදී.