AD HERE

ජනපතිට අද ප්‍රබල පීඩනයක් - අද තීරණාත්මකයි


පවතින දේශපාලන අර්බුදය වහාම විසඳාගැනීම සඳහා අද දිනයේ ජනපති මෛත්‍රිපාල සමග එජාප මන්ත්‍රි කණ්ඩායම මුහුණට මුහුණ තීරණාත්මක සාකච්ඡාවක් පවත් වනු ලබයි.
එම සාකච්ඡාවවේදී ව්‍යවස්ථානුකූලව නැවත වරක් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්නේද, නැති නම් ඉදිරියේදී ජනපතිට විරුද්ධව පුළුල් ජන බලයක් ගොඩනගන්නදැයි ජනපතිට සෘජුවම මන්ත්‍රි කණ්ඩායම පවසනු ඇති බව වාර්තාවේ.

ශ්‍රීලනිප ස්වාධින මන්ත්‍රි කණ්ඩායම ද නැවත අද දිනයේ ජනපති හමුවිමට නියමිතව ඇත. විශේෂයෙන් ශ්‍රීලනිප මන්ත්‍රින්ට සිය ඡන්ද බල ප්‍රදේශවල ජනතාවට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර, ඒ කෙරෙහි ජනපතිගේ අත්තෝනෝමතික ක්‍රියාකලාපය බලපා ඇති බවද එම මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දීමට නියමිතය.

මේ අතර අද පස්වරුවේ අගමැති මහින්ද රාජපක්ෂ නැවතත් ජාතිය ඇමතීමට නියමිත බව ද වාර්තාවේ. අගමැති මහින්ද ජාතිය අමතා සතියක් ඉක්ම යාමටත් පෙර නැවත ජාතිය අමතනුයේ කුමණ අරමුණකින්දැයි තවමත් පැහැදිළි නැත.

අද (02 දින) පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කලින් නියෝග කරන ලද විශේෂ ගැසට්ටුව අවලංගු කර නව ගැසට්ටුවක් ප්‍රකාශයට පත් කරන්නට ජනපති කටයුතු කරන බවද ජනපති කාර්යාලයෙන් අනාවරණය වේ. කෙසේ වුවත් හෙටින් (03 දින) ආරම්භ වන සතිය දේශපාලනික ලෙස ඉතාමත් තීරණාත්මක සතියක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.