AD HERE

අගමැති මහින්දගේ "හස්ති බන්ධක යාගය" ට තවත් ඇතෙකු බිළි වෙයි....


මහින්ද රාජපක්ෂ ජනපතිව සිටිය දි බිලි ජුජා සඳහා ඇතුන් දඩයම් කළ බව රට ම දන්නා කාරණයකි. මහින්දගේ ඇතැම් ගෝලයන්ට අලි ඇතුන් සුරතලේට ඇති කරන සතුන් විය. මහින්දගේ ඇත් දඩයමේ අලුත්ම කථාව උඩවලවෙන් වාර්තාවේ. වැරදුණු කුරුමානමක තතු අපි ඔබට වගකීමෙන් අනාවරණය කරන්නේමු.
සියඹලන් ගමුවේ ඇතා

පසුගිය කාලයේ ඉමහත් ප්‍රසිද්ධියට
පත්, සියඹලන්ගමුවේ ඇතා කිසිදු රෝගයකින් පෙළුනු සත්වයෙකු නොවේ. මේ පින්වත් ඇතා ගැමියන් අතර ප්‍රසිද්ධ වූයේ ඇත් රජෙකු ලෙසයි. නමුත් හිටි හැටියේ ලොරියක පටවා කොහේ ගෙනියන්නේද  නොදන්වා රැගෙන යන මුවාවෙන්
ලොරියේ තට්ටුව කඩා වැටීමට සලස්වා ඇත් රජු මරුමුවට පත් කර, එය ස්වභාවික මරණයක් බව ප්‍රදර්ශනය කල ද සිදුවූයේ එවකට ජනාධිපති මහින්දගේ බාරයක් වෙනුවෙන් ඇත් දළ කැපීමට සූක්ෂම ක්‍රමයක් යොදා ඇතා මැරීමයි.

එය අදටත් වනජීවී වෛද්‍යවරු පවා පිලිගනී. ඔවුන් පවසන්නේ එය කාලයෙන් වැසීගිය රහසක් පමණක් බවයි.

උඩවලව මුගලන් ඇතා

උඩවලවේ මුගලන් කාටවත් හරිහැරයක් නොමැතිව උඩවලව වැව ආශ්‍රිතව ජීවත්වූ සත්වයෙකි. පසුගිය දිනෙක ජීවිතයෙන් සමු ගත්තේද වැව මධ්‍යයේය.

අගමැතිකම බේරා ගැනීමට මහින්ද නොකරන කුප්ප වැඩක් නැති මේ මොහොතේ ඉන්දයාවෙන් පැමිණි පූජකයන් "හස්ති බන්ධක යාගය" පැවැත්වීමට යෝජනා කළ අතර, ඒ සඳහා ජීව සත්වයකුගෙන් ඇත් දළ දෙකක් අවශ්‍ය බව දන්වා ඇත. ඒ අනුව උඩවලව මුගලන් ඒ වෙනුවෙන් ජීවිතය පූජා කලේය.එ
වැව ආශ්‍රිතව පෙර දින රැඳී සිටි මුගලන් හට ඉලක්කය ගැණීම ආරම්භ කලේ දින තුනක පමන සිටයි. මේ සඳහා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු පා.ම වරයෙකු සහ දකුණ සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රින් දෙපලක්ද කොළඹ ප්‍රදේශයේ සිට මහින්ද වෙනුවෙන් කඩේ යන නළුවෙකු ද සම්බන්දව ඇති බව උඩවලවෙන් වාර්තාවේ. මොවුන් උඩවලවේ ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක ලැඟුම්ගෙන මෙම ඇත් ඝාතනය සැලසුම් කර ඇත.

මොවුන්ගේ සැලසුම වූයේ ඇතාට වෙඩි තබා කැලය තුළ ට පන්නා දළ ගලවා ගැනීමයි. මෙම ඝාතනයට අවශ්‍ය උපදෙස් ගිරාඳුරුකෝට්ට වනජීවී කාර්‍යාලයේ නිළධාරියෙකු විසින් රහසිගතව ලබාදී තිබේ.
දකුණේ නම ගිය අපරාධ කරුවකුගේ මන්ත්‍රි පුතා විසින් රැගෙන ආ වෙඩ්ක්කරු විසින් ඇතාට වෙඩි තැබිමට නියමිතව තිබුණි.

නමුත් කණ්ඩායමේ පළමු සැලැස්ම වැරදී ඇත. ඊට හේතුව ඇත් දඩයමට පෙර සියලු දෙනාම අධික ලෙස බීමත්ව සිටීමයි.

අවසානයේ දී, මන්ත්‍රිවරුන් දෙදෙනකු විසින් තමන ලද වෙඩි පහරවල් කිහිපයකින් ඇතා එතනදීම මිය ගියේය.
ඒ අනුව, වනජීවී නිලධාරින් වෙඩි සද්දයට පැමිණ මියගිය ඇතා තමන් භාරයට ගෙන ඇත. මේ හේතුව නිසා, මහින්ද මහරාජානන්ට දළ දෙක පූජා කිරිමට නොහැකි විය. නමුත් දළ දෙක කුමන හෝ අයුරකින් වන ජීවි නිලධාරීන්ගෙන් ලබා ගැනීමට මහින්ද අනුගාමිකයන් සහ යාල කැලය තුළ ඇති මහින්දට හිතවත් විහාරයක හිමිනමක් වෙහෙස දරමින් සිටින බව වැඩිදුරටත් වාර්තාවේ.

කිසියම් හෙයකින් මුගලන්ගේ ඇත් දළ දෙක ලබා ගත නොහැකි වුවහොත් නුදුරේදීම තවත් ඇතකු මහින්දගේ අගමැති කම වෙනුවෙන් පැවැත්වෙන "හස්ති බන්ධක යාගය" ට බිලි වීමට නියමිතය.

දළ ඇතුන් තම ප්‍රදේශයන්හි සැරිසරයි නම් අහිංසක සතුන් ගැන විමසිල්ලෙන් සිටින්නැයි අපි රට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේමු.