AD HERE

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉදිරිපිට විමල් වීරවංශට එරෙහිව පවත් වන උද්ඝෝෂණය දැඩි උණුසුම්



ජාතික නිවාස සංවර්ධන අධිකාරියට විධිමත් ලෙස බඳවාගෙන ස්ථිර කිරිමට නියමිතව සිටි 2400 පමණ සේවක සේවිකාවෝ පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 29) එම ආයතනය භාර ඊනියා ඇමති විමල් වීරවංශ පියවර ගෙන ඇත.

ඊට විරෝධය පල කිරිම සඳහා සංවිධානය කරන ලද උද්ඝෝෂණය මේ වන විට විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

නිල නොවන ආණ්ඩුවක් විසින් අහිංසක සේවකයින් ඉවත් කිරීමට එරෙහිව දැඩි විරෝධයක් උද්ඝෝෂකයින් පල කරන ලදී.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පාලකයින් නිවාස ව්‍යාපෘති හදන්නටවත් පහුගිය සමයේ මෙතරම් උනන්දුවක් නොදක්වා, හොර ඇමතිගේ එක අණකින් සේවකයින් 2400ක් එළියට ඇද දැමීමට ඉතා කඩිනමින් කටයුතු කිරීම පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරියේ පාලන අධිකාරියටද විරෝධතා කරුවන් සිය දැඩි විරෝධය එල්ල කරනු ලැබිය.

වහාම තමන්ට යළිත් රැකියාව ලබා නොදෙන්නේ නම්, ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද උද්ඝෝෂකයින් වැඩි දරටත් කියා සිටියා.

තවමත් උද්ඝෝෂණය ක්‍රියාත්මකයි.