AD HERE

රට පුරා වකුගඩු රෝගය දරුණු ලෙස පැතිරීමේ අවධානමක් - හේතුව මෙන්න



කාලයකට පෙර ශ්‍රී ලංකාවේ හාල් ඒකාධිකාරය රඳවා ගත්තේ මරදගහමුලය. අද වන විට ඒ ස්ථානය පොළොන්නරුවට හිමිව ඇත. මරදගහමුල සහල් තරමක් නුහුරු සුවඳකින් යුක්තවිය. පැහැයෙන්ද තරමක් දුර්වර්ණය. නමුත් ආහාරට ඉතාම සුදුසු මට්ටමේ සහල් ලෙස එකල ප්‍රචලිතව පැවතුණි.

මරදගහමුල සහල් නිෂ්පාදකයන් හා අනෙකුත් සුළු පරිමාණ සහල් නිෂ්පාදකයින් සහල් නිෂ්පාදකයින් සහල් පැහැයෙන් බබලවන්නට කිසිවිටකත් රශායනික ද්‍රව්‍ය එකතු කරන්නේ නැත. නමුත් පොළොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් සහල් පැහැයෙන් බබලවන්නට හා ගුල්ලන්ගෙන් ආරක්ෂා කරගෙන රසවත් වීමට කිසියම් රශායනික ද්‍රව්‍යයක් සහල් නිෂ්පාදන ක්‍රියාවළියේදී එකතු කරනු ලබයි. සේවකයින් දන්නේ මේවා පොලිෂ් කුඩු කියා පමණි.

සැබැවින්ම මේ රශායනික ද්‍රව්‍යයන්හි ආසනික් අඩංගු බව නිෂ්පාදකයින් දනී. එබැවින් මහා පරිමාණ සහල් මොල්හිමියන් කිසි දිනක තම සහල් පරිභෝජනය නොකරයි. ඒ වෙනුවට, වස විස එකතු නොකළ තම ආහායර සඳහාම පමණක් වගා කරන විශේෂිත දේශිය සහල් පමණක් මේ අය පරිභෝජනය කරයි.

අද වන විට දිවයින පුරා පොළොන්නරුවේ සහල් බෙදා හරිනු ලබයි. මේ වන විට රජරටින් පිට පළාත් වලද වගුගඩු රෝගය හිස ඔසවන්නට පොළොන්නරුවේ සහල් වල අඩංගු ආසනික් හේතුවන බව අනාවරණයවේ.

මේ සම්බන්ධව කිසියම් දුරකට පර්යේෂණ මගින් වැඩිදුර තොරතුරු සොයාගෙන ඇතත්, පොළොන්නරුවේ සහල් ගෝඩ් පාදර්ලා එම පර්යේෂණ කටයුතු වල නිරත අයට මාසිකව දහසින් බැඳි පියලි ලබා දෙමින් සියල්ල යට ගසා ඇත. එසේම අදාල පර්යේෂකයින්ට වෙනත් පර්යේෂණ සඳහා මුදල් ප්‍රධාන ලබාදීමටත් එකඟත්වය පල කර ඇති බව අනාවරණය වේ.

පොළොන්නරුවේ ඉඳිවන වකුගඩු රෝහලට සමගාමීව වගුගඩු රෝගයට අදාල බෙහෙත් ගෙන්වන ආයතනයක්, වකුගඩු රෝගය ආශ්‍රිත සුවිශාල චැනලින් මධ්‍යස්ථානයක් ද ඉදිකිරිමට එක් මහා පරිමාණ සහල් මෝල්හිමියෙක් කටයුතු කරමින් සිටින්නේ, තමන්ගේ සහල්වල අඩංගු ආසනික් මගින් පාරිභෝගිකයින්ට අත්වන ඉරණම දැනගෙන එයින්ද තම ව්‍යාපාර පුළුල් කර ගැනිමට මාර්ගයක් විවර බව දන්නා බැවින් බව වැඩි දුරටත් අනාවරණය වේ.

පොළොන්නරුවේ ලස්සන, පහැපත්, රස හාල් කන්නේ බලාගෙනයි. අනාගතේ රජරටට පමණක් නොව රට පුරාම වකුගඩු රෝගය ව්‍යප්තවීමේ අවධානමක්.