AD HERE

අද හදිසියේම ත්‍රීවීලරයක නැග වාසු ගියේ කොහේද



අද (27)  සවස නිදහසේ මාධ්‍ය කේන්‍ද්‍රය කැදවන ලද විශේෂ මාධ්‍ය හමුවක් එම මාධ්‍ය කේන්ද්‍රය පිහිටි තිලංක සුමති පාල මහතාගේ නිවසේදී පැවැත්විණි.
එම අවස්ථාවට සිය නිල රථය නොමැතිව එක් ආරක්ෂක නිලධාරියකු ද සමග පැමිණි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා  මාධ්‍ය සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව පාරේ අනෙක් පසට පැමිණ ත‍්‍රිරෝද රථයක නැගී එතැනින් පිටව යනු දක්නට ලැබුණු බව වාර්තාවේ.
එම අවස්ථාවේ අවට බලා සිටි අය පැවසුවේ වාසගේ සංදර්ශන නම් අඩුවත් නැති බවය. තවත් අයකු කීවේ වාසුලාට හැමදාමත් මේ විදිහට ත්‍රීවීල් වල ගියා නම් රටේ ණය බර ගෙවන්න හරිම ලේසියි යනුවෙනි.
කෙසේ වුවත් වාසුදේව මහතා ත්‍රීවිලරයකින් එක් ආරක්ෂකයකු පමණක් සමග පිටව ගියේ කොහේදැයි යන්න තරමක් සැක සහිත බව එම මාධ්‍ය හමුවට සහභාගී වු මන්ත්‍රිවරයකු පැවසීය.