AD HERE

සිරිසේන පව් හොදාගන්න ගොස් ජනතාවට ඇත්ත අනාවරණය කළේය



ඔක්තෝම්බර් 26 දින ජනපති සිරිසේන මහින්දට අගමැතිකම ලබාදුන්නේ මන්ත්‍රිවරුන් 113ක බහුතරයක් මහින්ද ලබා ගන්නා බව රටට පෙන්වමින්ය. ඊයේ (07 දින) ජනපති සිරිසේන ප්‍රවෘත්ති සකච්ඡාවක් කැදවමින් මේ පිළිබඳව දීර්ඝව පැහැදිළි කළේය.

මන්ත්‍රිවරුන් මිලදී ගන්න මිල කැඳවු බව මෛත්‍රි රටට දෙවැනි වතාවටත් ඊයේ හෙළි කළේය. අනෙක් අතට රටම දන්නා කාරණය නම්, මන්ත්‍රිවරුන් මිලදී ගන්නට මිල කැදෙව්වේ මහින්දය. ඒ සඳහා පසුබිම නිර්මාණය කළේ මෛත්‍රිය. රුපියල් මිලියන 500 දක්වා ලංසු තැබුවේ මහින්ද පමණි. රංගෙට දුරකථන ඇතුම් දුන්නේ එස්බී හා මෛත්‍රිය. ඊයේ දින පරාජිත සිරිසේන වෙනස් විදිහකට පාපොච්චාරණය කළේය. තමන් අත සෝදාගෙන පැත්තකට වෙන්න අර ඇන්දේය. නමුත් හෙළුව රට හමුවේ තැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනපතිට බලය ඇත කියා සිය තීන්දුව දුන්නොත් මෛත්‍රිට හරි ජොලිය. සිරිසේන ඊයේ කියන්නේ අධිකරණය ඒ විදිහේ තීන්දුවක් දුන්නොත් අනිකුත් සියළු නු, පෙත්සම් ඉවත්ව ඒවා බල රහිත වන බවය. ජනපති සිය පැතුම මාධ්‍ය ඔස්සේ ශ්‍රේෂ්ඨාධීකරණයට ඊයේ විහිළුවෙන් කියා දැම්මේය.

19 වෙනි සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම හා විගණන පනත් සවිමත්වීම ඇතුළු තවත් කරුණු රාශියක්  ඉතා සාධනීය ලෙස ඉටු වු බව සිරිසේන පිළිගනී. නමුත් සාධනීය ලක්ෂණ සියල්ලටම කකුලෙන් ඇදීම සිරිසේන ජයටම කළේය. නමුත් රනිල් වික්‍රමසිංහගේ දුර දක්නා නුවන නිසා 19  සම්මත විය. නමුත් සිරිසේන දැන් බබා ලෙස සාධනීය තැන්හි ලකුණු තමන්ගේ නම ඉදිරියෙන් ලියන්නට උත්සහ කරයි.
19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ අඩු පාඩු කම් ඇති බව සිරිසේන පිළිගනී. නමුත් ඉතා ඕනෑකමින් සිරිසේන අඩුපාඩු ලෙස දකින දේවල් මොනවාදැයි බැලුවහොත් ජනපතිගේ බලතල අඩු කිරීම බව පෙනේ. 2015 ජනවාරි 08 හා ඒ ආසන්න කාලයේ කීවේ රටට අහිත කර විධායක ජනපති ධුරය ඉවත් කරන බවය. නමුත් අද බලතල අඩු කිරීම ද අඩුපාඩුවකි.

ජනපතිගේ බලතල අඩු වීම මෛත්‍රි දකින්නේ දේශපාලන අර්බුදයක් ලෙසය. රනිල් හැර වෙනත් කිසිවකු අගමැති කම දරන්නට නුසුදුසු නැති දැයි මෛත්‍රි ප්‍රශ්න කරයි. වසර 41 ක පාර්ලිමේන්තු ඉතිහාසයක් ඇති, ලෝකයක් පිළිගන්නා රනිල් වික්‍රමසිංහ සිරිසේනට නොගැළපේ. එදා 2015 ජනවාරි 08 මෛත්‍රිගේ හා පවුලේ අයගේ ජිවිත බේරාගත් රනිල් අද වන විට අගමැතිකමට සුදුසු නැත. සිරිසේනගේ ගොන් ලොජික්.

කතානායකට ඇති ජනප්‍රිය බව දන්නා සිරිසේන කතානායකතුමා සමග සාකච්ඡා කර සියල්ල පාලනය කළ බව ද ප්‍රකාශ කළේය. ජනපති කතානායකතුමාට කියන ලද කථා මුළු රටම දනි. කතානායකතුමා රවට්ටපු ජනපති ජනතාවට කියන බහුභූත කතා අද ජනතාව පිළිනොගනී. කතානායකතුමා තමන්ගේ රාජ්‍ය තන්ත්‍රික නිපුනතාවය මැනවින් ප්‍රදර්ශනය කළේය.

ජනපති සිරිසේන කොහොම කීවත් මහින්ද සමග ගහන ලද ගේම ලත් තැනම ලොප්විය. අපේ භාෂාවෙන් කීවොත් ජනපති ඇණගත්තේය... ජනපති සිරිසේන මහින්ද ඇණ්නෙව්වේය. දෙසැම්බර් 13 ජනතාව මෛත්‍රි හා මහින්ද දෙදෙනාම එකට තබා ජනතාව අණින්නේය.....