AD HERE

පෙඩරල් ව්‍යවස්ථාව පරාජය කරන්න මම අගමැති වුනා - මහින්ද රාජපක්ෂ



මහින්ද රාජපක්ෂ ඊනියා අගමැතිට විරුද්ධව විශාල ජන බලයක් ගොඩනැගෙමින් පවතින මොහොතක තමා අතින් ගිළිහෙමින් පවතින ජන බලය රැක ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ බොරු ගොතමින් ඒවා පතුරුවන බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පෙන්වා දී ඇත.

තමන් හදිසියේ අගමැති වුයේ රනිල් වික්‍රමසිංහ මහතා ගෙන එන ලද පෙඩරල් ව්‍යවස්ථාව පරාජය කරන්නට බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කිරිමෙන් අනතුරුව ඊට පිළිතුරු ලෙස මනෝගනේෂන් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

මනෝගනේෂන් මහතා නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ අතුරු කමිටුවේ සමාජිකයකු ලෙස ඉතා වගකීමෙන් කියා සිටින්නේ වසර තුනක් ඉක්ම වී ඇති මොහොතක තවමත් ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ පේනතෙක් මානයේවත් නොමැති විටක රනිල් වික්‍රමසිංහ පෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනාව කියන කථාව අමුලික බොරුවක් බවත්, ඒ හරහා ජනතාව නොමග යවන්නට මහින්ද රාජපක්ෂ උත්සහ කරන බවත් වාර්තාවේ.