AD HERE

මහින්දගේ අමාත්‍යමණ්ඩලය පව් - සියළු දීමනා වරප්‍රසාද අහිමි වේ


කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන සියලු ගෙවීම් තාවකාලිකව නවතා දමා ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ප්‍රකාශ කරයි.
අභියාචනාධිකරණ තීන්දුව අනුව, අමාත්‍යවරුන්ට, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ගෙවන සියලු ගෙවීම්, දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන ලද වේතන යනාදි සියල්ල පසුගිය සතියේ සිට තාවකාලිකව නවතා දමා බව වාර්තාවේ.
පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනා සහ අභියාචනාධිකරණ තීන්දුව අනුව අමාත්‍යවරුන්ට කරන ගෙවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පසුගිය සතියේදී ජනාධිපතිවරයාගෙන් කරුණු පැහැදිලි කරගෙන ඇති අතර ඒ අනුව ඉහත උපදෙස් ලැබී ඇත. 
පත්ව ඇති අරුබුදකාරි තත්ත්වය තුළ ජනාධිපතිවරයා සහ ජනපතිගේ ලේකම්වරයා ලබාදෙන නියෝග සහ උපදෙස් පමණක් පිළිපදින ලෙස ලෙසද, මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ද පරිපාලන කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද කරුණු විමසන්නැයි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති උපදෙස් දී ඇති බව වාර්තාවේ.
මේ අනුව, පාර්ලිමේන්තුව, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව පසකට දැමු සිරිසේන ජනපති ඒකාධිපති පාලනයකට ක්‍රමයෙන් අවතීර්ණ වී සිටින බව  ඉතා හොඳින් පැහැදිළි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.