AD HERE

“එජාපය ඉරාජ්ට සල්ලි දීලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වේදිකාවට නැග්ගෙව්වා වගේ”



ඊයේ (06 දින) කොළඹ නගර සභාව ආශ්‍රිතව විහාර මහදේවී උද්‍යානය ආසන්නයේ පැවති යුක්තියේ ජන හ උද්ඝෝෂණ ව්‍යාපාරයේදී ඉරාජ් වීරරත්නට ලක්ෂ ගණනක් ගෙවලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට එම වැඩසටහන සංවිධානය කරන ලද සංවිධායක කමිටුව කටයුතු කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, කුස ගින්න, විඩාව, නින්ද, මහන්සිය පමණක් නොව තම දෛනික කටයුතු ද පසකලා ලක්ෂ ගණන් එජාප තරුණ කොටස් ස්වේච්ඡාවෙන් පෙරමුණ ගෙන කටයුතු කරන හොහොතක මහින්දලාට කඩේ යන ඉරාජ්ලා, දුග්ගන්නාරාළලා ගෙනැල්ලා ලක්ෂ ගණනක් වියදම් කර, ජනතාවට දුන් පණ්වුඩය කුමක්ද?

ඉරාජ්ලා වේදිකාවට නැග කළ කී දැ දෙවල් අසා එජාපයට සැබෑ ලෙසම ආදරය කරණ තරුණ තරුණියන් මෙන්ම පොදු පාක්ෂිකයන් ඉරාජ්ලාට සද්දයක් දමා, සංවිධායකයින්ට ද සද්දයක් දමා එතනින් වැඩේ කෙළවර වීම සතුටට කරුණකි.

මින් මත්තට මෙවැනි තීරණාත්මක අවස්ථාවන්හිදී, එජාපය සමග තම හඳවතින්ම සම්බන්ධ වන කලා කරුවන් සම්බන්ධ කරගැනිමට සියළු දෙනාගේම ඇස් ඇරේවා කියා අප අවධාරණය කරන්නේමු.