AD HERE

බුකීකරු හා චූදිතයකු මහින්දට අගමැතිකම අත්නොහරින ලෙස බැගැහැපත් වේ



ඩලස් අලහප්පෙරුම ඉදිරි දින දෙක තුන ඇතුලත නියත වශයෙන්ම මහින්දට අගමැතිකම අතාරින්ට සිදුවෙන බව ප්‍රසිද්ධියේම බවසා ඇත.

මහින්ද සිය මන්ත්‍රි කණ්ඩායම ඊයේ (10) දින කැඳවු අවස්ථාවේ මේ බව පවසා ඇති අතර,  තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ ද පවසා ඇතැයි වාර්තා අනාවරණයවේ.

ඉදිරියේදී ලබාදීමට නියමිත, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනපති සිරිසේනට අවාසි බවත්, එවැනි පසුබිමක යුක්තියේ සටන සමග විශාල පිරිසක් රැස්වනු ඇති බව ද ඩලස් අලහප්පෙරුම මෙහිදි පැහැදිළි කර ඇත.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසා ඇත්තේ  හා විමල් වීරවංශ මහින්දට බවසා ඇත්තේ "ඔබතුමා කීයටවත් ඉල්ලා අස්වෙන්න එපා. අපි කොහොම හරි මේක අල්ලාගෙන ඉමු" කියාය. 

විමල් වීරවංශ වැඩිදුරටත් පවසා ඇත්තේ, ලබාගත් බලය අත්හැරීම කිසිසේත් අනුමත කල නොහැකි බවත් කෙසේ හෝ උපරිම බලය යොදා ආණ්ඩුව අල්ලාගෙන සිටිය යුතු බවය.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා කටයුතු කිරීමට ජනාධිපතිට හැකි බව තමන්ගේ අදහස බවද ඔහු පවසා තිබේ.

ඒ අනුව, විමල් වීරවංශලාගේ හා තිලංක සුමතිපාලලාගේ බල අරගලය මනාව ප්‍රකට වෙමින් පවති. කෙසේ නමුත් මහින්ද මේ වන විට අගමැති දූරය තමා අතින් ගිළිහෙන බව හොඳින් ම දනී.

මෛත්‍රි තමන්ගේ දේශපාලන ගමන ද විනාශ කරන්නට උත්සහ කරන බව මහින්ද සිය හිතවතුන් සමග රැස්වීමෙන් අනතුරුව පවසා ඇති බවට තොරතුරු ලැබේ.