AD HERE

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය උත්සන්නයි - ආණ්ඩුවට අනතුරක් අත ලඟයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය ද මේ වන විට තරමක් උත්සන්න වෙමින් තිබෙන බව එම පක්ෂ අභ්‍යන්තර තොරතුරු මගින් වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක නීති විශාරද ජී.එල්. පීරිස් මහතාගේ හා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ  ද දැඩි විරෝධය මැද, ගම්මන්පිළ හා විමල් වීරවංශ වැනි සුළු පක්ෂවල ඉල්ලීම මත මහින්ද රාජපක්ෂ ජනපතිගේ සිරිසේනගේ අග්‍රාමාත්‍යවරයා වීම හා දින 50ක් තුළ විශාල ආර්ථික පරිහානියක් හා පොහොට්ටුවේ නාමය ද අපකීර්තියට පත් කරමින් නැවත මහින්ද මහතා අගමැතිධූරය අත හැරීම තුළ අර්බුදය උත්සන්න වී ඇත.

ඒ අනුව, විමල් වීරවංහ හා ගම්මන්පිළ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ටයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.
ඉදිරි මැතිවරණයකදී නැවත ජනතාවගේ අනුකම්පාව දිනාගෙන මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වීමට තිබුණු අවස්ථාව අවිචාරවත් ලෙස අහිමි කර ගත් බවට පොහොට්ටුවේ එක් පාර්ශවයක් විවේචනය කරනවා.

මහින්ද මහතා ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමට ඉතා දක්ෂ බවත්, නැවත මැතිවරණයකදී ඒ අනුකම්පාව සිංහල බෞද්ධ ලේබලය තුළ දිනා ගත හැකි බවත් විමල් වීරවංශ  හා ගම්මන්පිළ තර්ක කර ඇති බවද වාර්තාවේ.

ඒ අනුව, නැවත වතාවක් විමල් වීරවංශ හා ගම්මන්පිළ මහින්දට සිංහල බෞද්ධ සළු පිළි ඇන්දවීමට සැරසෙන බව ඔවුන්ගේම තර්කයෙන් තහවුරු වේ. දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ තවත් අඩ සිය වසක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ ආගම් හා ජාතිවාදී  දේශපාලනය මහින්ද රාජපක්ෂ පරපුර හා එම පරපුර වන්දනා මාන කරන වීරවංශලා හා ගම්මන්පිළලා ඉදිරියට ගෙන යනු ඇති බවයි.  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වසර ආරම්භයත් සමග යුරෝපා රටවල සිදු කරන සංචාරය ද රට විකිණිමට දරණ කුමන්ත්‍රණයක් බව හුවා දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරයා රට කැබලි කිරීම, රට විකිණිම, ආර්ථිකය විනාශ කිරීම සහ ශ්‍රී ලංකාව ණය බරින් යුතු රටක් බවට පත් කරවීම යන තත්ත්වයන්හි පුරෝගාමියා බව ජනතාව ඉදිරියේ ඒත්තු ගැන්වීමට මේ වන විට විපක්ෂය සුදානම් වන බව ඉතා පැහැදිළිය.

අගමැතිවරයාට පාර්ලිමේන්තුව තුළ රතු එළියක් පෙන්වු මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළුම දෙනා නැවත හිතවත් කර ගැනීමට අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව දියත් කිරිමට යන ඉහතින් පෙන්වා දුන් අගමැති පතුරු ගැසීමේ ව්‍යාපාරය තුළින් සුදානම් වන බව වැඩි දුරටත් අවධාරණය කරන්නෙමු.