AD HERE

සිරිසේනට පිස්සු උනාට රටේ ජනතාවට පිස්සු නෑ - සිරිසේන NGO සමගයි



ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙනුව පිළිබඳව ඉතා රහස්‍ය ලෙස සකස් කරන ලද, මෙතෙක් කැබිනට් මණ්ඩලය හෝ  පාර්ලිමේන්තු මන්ත්‍රින් පවා දැක නැති වාර්තාව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධානියකු වන රජිත් කීර්ති තෙන්නකෝන් දැන ගත්තේ කෙසේදැයි යන්න විශාල ගැටළුවකි.
කීර්ති තෙන්නකෝන් බැදුම්කර  වාර්තාවේ තොරතුරු දැනගෙන ඇත්තේ  2018 ජනවාරි 27 දිනය. දැනට මාස දහයකට පමණ පෙරය. හරියටම කීවොත් බැදුම්කර වාර්තාව අළලා ජනපති සිරිසේන ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළේද 2018 ජනවාරි 27 දිනය.

කීර්තිට අනුව, බැදුම්කර වාර්තාව ඉතාම බරපතලය.... එසේ නම් ජනපති, නීතිපති මෙතරම් බැරැරුම් වාර්තාවක් අතේ තියාගෙන මාස දහයක් එය සුරැකිව තබා ගත් හේතුව කුමක්ද? ඒ සියල්ලටත් වඩා, රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරන කීර්තිට වාර්තාව මුළුමනින්ම ජනපති ලබා දුන්නේ ඇයි.

ජනපතිගේ විශ්වාසනීය භාවය මෙතුළින් මුළු මනින්ම බිඳවැටී ඇති බව පෙනේ... සිරිසේන ජනපති, ජනපති කෙනෙකුට ගැළපෙන මට්ටමේ අය සමග කටයුතු කළ යුතුය. මෙය සිරිසේනගේ වරදක් නොව ඔහුගේ සංස්කෘතියේ වරදකි.

2019 ජනවාරි 01 දින සිට රට දුවන්නේ කොහොමද

2019 ජනවාරි 01 වන යෙදී ඇත්තේ බදාදා දිනකි. බදාදා දිනය රජයේ බහුතරයක් ආයතනවල මහජන දිනයයි. රාජ්‍ය ආයතනයන්හි ජනවාරි 01 දින කැවුම් කිරිබත් අනුභව කර නව වසරේ වැඩ අරඹයි. ඒ සඳහා රාජ්‍ය සේවකයින්ද තමන්ට හැකි දෙයක් කෑම මේසයට නිවසින් රැගෙන එයි. නමුත් සාම්ප්‍රධායිකව ජනවාරි 01 දින තේ මේසයට රජයේ මුදලින්ද කිසියම් වැයක් දරනු ලබයි. මෙවර 2019 ජනවාරි 01 දින එම දරන්නේ කෙසේදැයි යන පැනයෙන් එයින් ඔබ්බට ඇති රාජ්‍ය අංශයේ ආර්ථික අර්බුදය ගැන කථා කළ යුතුවේ. මෙවර 2014ට පසුව, නැවත මහජන දිනය ජනවාරි 01ට යෙදි ඇති නිසා මහජනතාවද එදිනට ආයතන වෙත වැඩිපුර පැමිණෙනු ඇත. එවැනි පසුබිමක ජනවාර් 01 දින තේ කොප්පයක් ලබා දෙන්නේ කෙසේද?

මෙවැනි පසුබිමක් තුළ, අධිකරණයෙන් ලබාදෙන තීන්දුව ජනපතිට වාසී වුවත්, ප්‍රජාත්නත්‍රවාදී පාර්ශවයට වාසි වුවත්,  නත්තලට කළින් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය සම්මත කර ගත යුතුමයි. එසේ නොවුන හොත්  ලබන වසරේ රජයේ ආයතන පවත්වාගෙන යා නොහැකි වන අයුරින් මූල්‍ය අර්බුදයක් ඇතිවන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැහැදිළි කළේය.

අර්බුදය දිග්ගස්සවමින් තටයුතු කරන සිරිසේන 2019 ජනවාරි 01 දින සිට ඇති වන ආර්ථික අර්බුදයට සෘජුවම වගකිව යුතුමය.

ජනතාව ගැන හොහිතන ජනපති

රටක ජනපතිවරයා සියළු ප්‍රශ්න පසකලා එරට ජනතාව ගැන සිතිය යුතුය. රටේ කීර්තිය ගැන සිතිය යුතුය. රටේ ජනපති කෙලාම් අසන්නකු නම්, කේලාම් අනුව තීරන ගන්නෙකු නම්, මොන්ටිසෝරී ළමයකු සේ හැසිරෙන්නේ නම් ඒ රටට යන කලදසාව කුමක්ද?

අද ශ්‍රී ලංකාව සෙල්ලම් ගෙයකටත් වඩා අන්තය. සෙල්ලම් ගෙදර ළමයින්ද රණ්ඩු කරන්නේ. ඊළඟ දවසේ නැවත හිනා වී සෙල්ලම් ගෙය හදන්නේය. සතුටින් සෙල්ලම් කරන්නේය.

ජනපති තරුණ වයසේදී අස්වනු නෙලන්නට ආසන්න කුඹුර ගිනි තැබූ තකතීරුවෙකි.. අද රටම ගිනි තබා ඇත.
ලැජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ලොකුය කියන කථාවට නව අරුතක් සිරිසේන ජනපති එකතු කර ඇත.

සියල්ල නිවැරදි කළ හැක්කේ ඔක්තොම්බර් 26 දින දක්වා නැවත කැලැන්ඩරය පෙරළිමෙනි... වෙනත් විකල්ප සිරිසේනට දැන් නැත.