AD HERE

ජනපති සිරිසේන විශ්‍රාම ගැනීමට සුදානම් බව තායිලන්තයේ සිට පවුලේ අය කියයි



ජනපතිවරයා පසුගිය 24 වෙනිදා තායිලන්තය බලා සිය පවුලේ අය සමග නික්ම ගියේ 2019 වසරට ආයුබෝවන් කියමින් නිවාඩුවක් ගත කිරීමේ අදහසිනි.

පසුගිය මාස දෙකක පමණ කාලයක් ජනපතිවරයා සිය පවුලේ අය සමග සුහදව කථා කිරිමට නොයන ලදී. ඒ රට තුළ පැවැති අර්බුදකාරී තත්ත්වය නිසාය. වැඩි කාලයක් ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කළේ මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂ හිතවතුන් සමගින්ය.

තායිලන්තය බලා පිටත්ව යන විට ජනපතිවරයාගේ දැඩි ස්ථාවරය වුයේ මහින්ද රාජපක්ගේ ආශිර්වාදයෙන් 2019 මාර්තු මාසයේදී ජනාධිපතිවරණයක් පවත්වා තමා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව, එය ජයගෙන නැවතවරක් විධායක ජනපති ලෙස කටයුතු කිරීමේ අභිප්‍රාය සිය ප්‍රමුඛ කටයුත්ත බව සිහියේ තබා ගෙනය. ඒ බව මාධ්‍ය මගින් ද අනාවරණය කරනු ලැබුවා.

නමුත් තායිලන්තයට ගොස් පවුලේ අය සමග තරමක් කිට්ටුවෙන් ආශ්‍රය කරන විට, පවුලේ අය ද පසුගිය මාස දෙකක් තුළ ජනපතිගේ ක්‍රියා කලාපය දෝෂදර්ශනයට ලක් කර ඇත. මහින්ද රාජපක්ෂ සමග එක්ව කටයුතු කිරිමෙන් ජනපතිගේ පමණක් නොව මුළු පවුලේම කීර්තිය විනාශ විය හැකි බව ජනපතිට පවුලේ අය පැහැදිළි කරන ලදී.

එපමණක් නොව ඉතා සුළු ජන පදනමක් පමණක් තබාගෙන ජනාධිපතිවරණයට යාම අනුවන කමක් බවත්, තම මන්ත්‍රි කණ්ඩායමේ සහය පවා ජනපතිවරයාට නොලැබෙන ආකාරය පවුලේ අය පැහැදිළි කර ඇත.

සියල්ල තේරුම් ගත් ජනපතිට එක් වරම නැවතත් මතක් වුයේ ශ්‍රීලනිපයයි. ඊට හේතුව ඒ වන විටත් තම මන්ත්‍රි කණ්ඩායම තමා තායිලන්තයට නික්ම ගිය මොහොතේ පටන් තව දුරටත් කල්ලි කණ්ඩායම් ගැසී එකිනෙකා විවේචනය කර ගනිමින් පක්ෂය තුළ ඇති කරවන අර්බුදයයි.

සියල්ලට පෙර එම අර්බුදය විසදිය යුතු බව අවබෝධ කරගත් ජනපතිවරයා වහාම ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය කිසිවකුටත් ඇතුළු විය නොහැකි ලෙස වසා දමන ලෙස සිය ආරක්ෂක අංශයන්ට උපදෙස් දී ඇත. ඒ අනුව කාර්යාලය වසා දමන ලදී.

ඒ අනුව, ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායමට තම කාර්යාලය තහනම් කලාපයක් වී ඇත. ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය පියදාස මහතා ද මහින්ද රාජපක්ෂට ඉතා හිතවත්ව කටයුතු කරන බැවින් ඔහුට පවා කාර්යාලයට ඇතුල් වීමට ඉඩක් දී නොමැති බව ද වැඩි දුරටත් වාර්තාවේ.

සියල්ල මෙසේ සිදු වෙමින් පවතින අවස්ථාවක දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ තමන් ගන්නා තීන්දු වාසිය මත වෙනස් කරන ජනපති සිරිසේන පෙරලා සිය රට පැමිණි විට කුමක් කරන්නේද යන්න සිරිසේන ජනපතිවත් මේ වන විට නොදන්නා බවය. එතරම් ම ජනපති සිරිසේන අවිනිශ්චිත චරිතයක් බව විචාරකයින් වැඩි දුරටත් අනාවරණය කරයි.