AD HERE

මම එක් අයකු පමණක් මරන්න සැලසුම් කළා, එය සාර්ථකයි



මාවනැල්ල එජාප බල මණ්ඩලයට සහභාගි වු සරත් ෆොන්සෙකා මහතා සිය සුපුරුදු හ අවදිකරමින් “මම කිසිවකු මැරිමට තැත් කළේ නම් ඒ ප්‍රභාකරන් බවත්, එය ද ප්‍රසිද්ධියේ කළ බවත්, ප්‍රභාකරන් සතුරකු වුවත් අවසන් මොහොත දක්වාම සටන් කිරීම ගැන තමාට ගෞරවයක් ඇති බවත්” සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාව සිරගත කළ අවස්ථාවේ ද සමාව ගන්නේ නම් නිදහස් කරන බව දන්වා සිටින අවස්ථාවේදී පවා තමා වරදක් නොකළ නිසා එසේ සමාව නොගෙන සිටි බව නැවතත් අවධාරණය කළේය.

එවැනි පසුබිමක් තුළ කිසි දිනෙක ජනපතිවරයාගෙන් සමාව ගෙන අමාත්‍යධුරයක් බලා පොරොත්තු නොවන බවත් ප්‍රකාශ කළේය.

ජනතාව ඉදිරියේ කින ලද වචනයක් කිසි දිනෙක මොනම හේතුවකටවත් වෙනස් නොකරන බව ද සරත් ෆොන්සෙකා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළ බව වාර්තාවේ.